Friday, September 4, 2026
HomeNEWSCOVID-19මන්නාරමේ සේවයට ගිය වෙන්නප්පුවේ පෙදරේරුවෙකුට කොවිඩ්

මන්නාරමේ සේවයට ගිය වෙන්නප්පුවේ පෙදරේරුවෙකුට කොවිඩ්

මන්නාරමේ සේවයට ගිය වෙන්නප්පුවේ පෙදරේරුවෙකුට කොවිඩ්

සීදුව ප්‍රදේශයේ දේවස්ථානයක දේවගැතිවරයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. සුරේෂ් කුමාර මහතා සඳහන් කළේ අද (11) දිනයේ ලැබුණු වාර්තා අනුව මේ වන විට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් 17 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන බවය.

මේ අතර වේයන්ගොඩ, එළුවාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් සිව් නමකටද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මාළිඟාතැන්න, කූරිකොටුව යන ප්‍රදේශවලද කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවල සංචරණ සීමා අද දිනයේ සිට දැඩි කිරීමට පියවර ගෙන ඇති බවය.

එමෙන්ම මන්නාරම රදගුරු නිල නිවස ආශ්‍රිතව සේවය කළ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි පසුගියදා තහවුරු විය.

එම ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණ මගින් තවත් ආසාදිතයින් 5 දෙනෙකු තහවුරු වූ බව මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විනෝදන් ධර්මරාජන් මහතා සඳහන් කළේ ය.

‍මන්නාරම රදගුරුතුමන්ද ඇතුළුව එම නිල නිවසේ සිටි 15 දෙනෙකු පමණ දැනට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. මේ අතර එළුවාපිටියේ පන්සලක හිමිවරු සිව් නමක්ද කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත.

මේ අතර කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවියකටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි එහි පාලනාධිකාරිය අද (11) තහවුරු කළේය.

කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ඇය ඉගෙනුම ලබන බව වාර්තා වේ. .

ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර ඇයගේ පියා මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කර තිබේ.

අධ්‍යයන කටයුතු සඳහා ඇය රැඳී සිට තිබුණේ කැලණිය සරසවියට යාබද නේවාසිකාගාරයකය.

ඇය සමග තවත් සිසුවියන් දෙදෙනෙකු එහි රැඳී සිට තිබෙන අතර ඔවුන්ව PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.

මේ අතර පසුගිය 04 වැනිදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඔවුන් දෙදෙනා එම මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 කට පමණ ගොස් එළවලු මිලදී ගැනීම සිදුකර ඇතැයි අනාවරණ වී ඇත.

මෙම දෙදෙනාගෙන් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවකයෙකු සමග ඔක්තෝබර් 01 වැනිදා සහ දෙවැනිදා කතරගම ප්‍රදේශයේ සංචාරය කර ඇති අතර ඒ හේතුවෙන් මෙම දෙදෙනාම PCR පරීක්ෂණයට යොමු කර තිබුණි.

එහිදී වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ අතර ඔවුන් දෙදෙනා දැනට ප්‍රතිකාර ලබන්නේ රඹුක්කන මහ රෝහලේය. මේ හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ අද සිදුකෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img