Saturday, November 14, 2026
HomeNEWSLatest Newsකොවිඩ් ආසාදිත මාළු වෙළෙන්දිය

කොවිඩ් ආසාදිත මාළු වෙළෙන්දිය

කොවිඩ් ආසාදිත මාළු වෙළෙන්දිය

රත්මලාන කඳවල පාර, සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී තිබේ. 

ඇය මාළු වෙළෙන්දියක් බව වාර්තා වේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ මෙම කාන්තාව දෙහිවල කරගම්පිටිය ඉරිදා පොළේ මාළු වෙළදාමේ නිරත වූ කාන්තාවක් බවය.

ඒ අනුව ඇයගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

මේ අතර, මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද උදෑසන වන විට වාර්තා වූ ආසාදිතයන් 1852න් 1044 දෙනෙකු එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් වන අතර අනෙක් 808දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.

පසුගිය තුන්වැනිදා එක් ආසාදිතයෙකුගෙන් ආරම්භ වූ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ඊට පසුදින වූ හතර වැනිදා ද වර්තා වූණේ එක් ආසාදිතයෙකු පමණි.

අනතුරුව පසුගිය පස්වැනිදා ආසාදිතයන් 101 ක්, හය වැනිදා 729 ක්, හත් වැනිදා 202 ක්, අට වැනිදා 19 ක්, නව වැනිදා 30 ක්, දස වැනිදා  103 ක්, 11 වැනිදා 121 ක්, 12 වැනිදා 90 ක්, 13 න් වැනිදා 194 ක්, 14 වැනිදා 132 ක්, පහළොස් වැනිදා 68 දෙනෙක් හා අද දිනයේදී මේ දක්වා ආසාදිතයන් 110 ලෙසින් වාර්තා වී තිබේ.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ඊයේ දිනයේදී  ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

‍මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයන් 5354න් 1956ක් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනය පැවසුවේ, වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සම්පූර්ණ සංඛ්‍යාව 3385ක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img