පොළොන්නරුවෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක්
පොළොන්නරුව දිඹුලාගල, බෝගස්වැව ගම්මානයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.
ඇය පසුගිය 11 වන දා පොළොන්නරු මහරෝහල වෙත වමනය හා පාචනය රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට ඇතුළත් වී ඇත.
පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 14 වන දා උගුරේ ඇති වු වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් ඇයව පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර, එහිදී ඇය කොවිඩ් – 19 ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.
පොළොන්නරුව, වැලිකන්ද රෝහලේ ස්ථාපිත විශේෂ කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයේ ඇය මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී.
ඇය පසුගිය ඔක්තෝබර් 1 වන දා නිට්ටඹුව ප්‍රදේශයේ හිමිනමක් විසින් පැවැත්වූ පාරම්පරික අක්ෂි සායනයක් සඳහා සහභාගී වී ඇතැයි ද වාර්තා වේ.






















