කොළඹ නගරාධිපතිනිය සහ නාගරික මන්ත්‍රීන්ට PCR කෙරේ
කොළඹ මහ නගර සභාවේ සියලු මන්ත්‍රීවරුන් සඳහා PCR පරීක්ෂණ මේ වනවිට සිදුකිරීමට පියවර ගනිමින් තිබේ.
නගර සභාවේ නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පැවසීය.
නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහකාරවරියකට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (15) අනාවරණය වී තිබුණි.
ඒ අනුව පෙරේදා (14) දිනයේ කොළඹ මහ නගර සභාවේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගී වූ නගරාධිපතිනිය, නාගරික කොමසාරිස්වරිය සහ සෙසු සියලු නාගරික මන්ත්‍රීවරුන් සඳහා PCR පරීක්ෂණ සිදුකිරීමට තීරණය කළ බව රුවන් විජේමුණි මහතා පැවසීය.
මේ අතර මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රයෙන් නිර්මාණය වූ කොවිඩ් පොකුරේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පවසයි.






















