Saturday, October 24, 2026
HomeNEWSLatest Newsකොළඹ වරායේ කිසිවෙකුටත් කොවිඩ් නෑ - වරාය අධිකාරියේ සභාපති

කොළඹ වරායේ කිසිවෙකුටත් කොවිඩ් නෑ – වරාය අධිකාරියේ සභාපති

කොළඹ වරායේ කිසිවෙකුටත් කොවිඩ් නෑ – වරාය අධිකාරියේ සභාපති

කොළඹ වරායේ කිසිවෙකුටත් කොවිඩ් – 19 වසංගතය ආසාදනය වී නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා පවසයි.

අද (19) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වරාය තුළ ආයතන රැසක් පවතින බවත්, එවැනි ආයතනයක පුද්ගලයින් පිරිසකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි ද පවසන ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා, ඔවුන් සමග සම්බන්ධතාවයක් ඇති නොවන ලෙස මේ වනවිට සියලු කටයුතු සිදුකර ඇතැයි ද ඔහු පැවසීය.

කොළඹ නැව් තටාකාංගනයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (18) තහවුරු විය.

වරාය අධිකාරියේ සේවකයින් විශාල වශයෙන් කැපවී සෞඛ්‍ය උපදෙස් පිළිපදින බවත් පැවසු ඒ මහතා, නිරන්තරයෙන් ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් කියාසිටියේය.

මේ අතර, වරාය තුළට පැමිණෙන නැව් සමග සම්බන්ධ වන නිලධාරීන්ගේ පීසීආර් පරීක්ෂණ නිසි ලෙස සිදුනොවන බවට වරාය වෘත්තීය සමිති විසින් සිදුකර ඇති චෝදනාව සම්බන්ධයෙන් ද මෙහිදී ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා අදහස් පළ කළේය.

“වෘත්තීය සමිතිවල චෝදනා හැමවෙලාවේ ම එල්ල වෙනවා. ඒක හොඳයි. ඒකෙන් ඒ අයගේ අදහස් අපි ගන්නවා. නමුත් වෘත්තීය සමිති කියන විදියට නෙමෙයි අපි වැඩ කරන්නේ. සෞඛ්‍ය බලධාරීන් අවශ්‍යතාවය සහ අපේ අවශ්‍යතාවයන්, ඉෂ්ට වීමට අපි වැඩ කරන්නේ. ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒවාගේ අඩුපාඩු සාකච්ඡා කරන්න පුළුවන්. සෞඛ්‍ය නිලධාරින් නිරන්තරයෙන් මෙතෙන ඉන්නවා. ඔවුන් ඒවා බලනවා. වැරදි කරන අයට දඬුවම් කරනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img