Friday, September 4, 2026
HomeNEWSLatest Newsරැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක පිරිසක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආරම්භ කර තිබේ.

එහි ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34,818 දෙනෙකු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පත්වීම්ලාභීනට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ලබාදීමට නියමිතය.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය අදාළ පුහුණු වැඩසටහන භාරව සිටීන අතර පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීන්ට NVQ තුන ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරෙනු ඇත.

පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියෙකුට රුපියල් 22,500ක මාසික දීමනාවක් ලබාදීමට ද තීරණය කර තිබේ.

රැකියා ලක්ෂයේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “දිළිඳු බවින් තොර ශ්‍රී ලංකාවක්” බිහි කිරීමේ සංකල්පය අනුව සැළසුම් කර ඇති බව සඳහන් වේ.

එය බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

අඩු ආදායම්ලාභීන්ගේ ආදායම නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිඳුකම පිටුදැකීම ආදායම් විෂමතා සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම මෙම රැකියා වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.

මෙහිදි තෝරාගත් කිසිවෙකු රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් නොකරන පවුල්වල සාමාජිකයන් වන බව එම මාධ්‍ය අංශය සඳහන් කළේය.

සය මාසික පුහුණුවෙන් පසු අභ්‍යාසලාභීන්ට ස්ථීර පත්වීම් ප්‍රදානය කොට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටු කිරීම සඳහා යොමු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img