Monday, September 7, 2026
HomeNEWSසහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රිමාන්ඩ්

සහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රිමාන්ඩ්

සහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රිමාන්ඩ්

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරීපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන් වේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සයින්දමරුදු පිපිරිමෙන් පසු සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියේය.

මාස 18කට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත සිටි මෙම සැකකාරිය ඇතුළු 06 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබේ.

සහරාන් හෂිම්ගේ බිරිඳ ඊයේ (22) දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

කෙසේවෙතත් එහිදී ඇය සාක්ෂි ලබා නොදුන් අතර, සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් සාක්ෂි ලබා ගැනිම සිදුකරන්නේ ද නැද්ද? යන්න සම්බන්ධයෙන් අද දිනයේ දී තීරණයක් ලබාදීමට නියමිතව තිබේ.

ඊයේ දිනයේදී ඇය සාක්ෂි ලබාදීම සඳහා කොමිසම වෙත කැඳවා තිබුණ ද ඇයගෙන් සාක්ෂි විමසීම සිදුකෙරුණේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img