Wednesday, October 28, 2026
HomeNEWSLatest Newsජනවාරි සිට තහනමට ලක්වන භාණ්ඩ

ජනවාරි සිට තහනමට ලක්වන භාණ්ඩ

ජනවාරි සිට තහනමට ලක්වන භාණ්ඩ

පරිසරයට හානිදායක වන ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන රැසක් 2021 ජනවාරි මස පළමුවනදා සිට තහනම් කිරීමට තීරණයකර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒ යටතේ පී.ඊ.ටී (PET) සහ පී.වී.සී (PVC) ඇසුරුම් තුළ රසායනික ද්‍රව්‍ය  හෝ කෘමිනාශක ද්‍රව්‍ය ඇසුරුම් කිරීම තහනම් වන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඊට විකල්ප ලෙස වීදුරු හෝ වෙනත් අමුද්‍රව්‍යවලින් යුත් නිෂ්පාදන ඇසුරුම් භාවිත කළ හැකි බව සඳහන් වේ.

එමෙන්ම මිලිමීටර් 20 හෝ ග්‍රෑම් 20 ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත සැෂේ පැකට් තහනම්කර ඇති අතර ආහාර හා ඖෂධ සඳහා ඒවා භාවිත කිරීම තහනම් නොවන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

බැලුන් සහ දියමත පාවෙන සුළං පුරවන ලද භාණ්ඩ හැර ප්ලාස්ටික්වලින් සාදන ලද සුළං පුරවන ලද විවිධ සෙල්ලම් භාණ්ඩ තහනම් කෙරෙන අතර විකල්ප ලෙස පරිසර හිතකාමී හා සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍යවලින් යුත් නිෂ්පාදන භාවිත කළ හැකිය.

මීට අමතරව සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා යොදාගන්නා ද්‍රව්‍ය හැර ප්ලාස්ටික් කොට්න් බඩ් තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.

මේ අතර සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයන් හි ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර  වශයෙන් නිර්දේශිත ප්ලාස්ටික් හඳුනාගැනීම සඳහා 1-7 දක්වා අංකනය මත ඛේත ක්‍රමයක් සඳහන් කිරීම ද අනිවාර්ය වන බව පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img