කොවිඩ් ආසාදිතයින් 280ක්
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 280 ක් වාර්තා වු බව සෞඛ්ය අංශ පවසති.
ඉන් 15දෙනෙකු නිරෝධායන මධ්යස්ථානවල සිටින අශ්රිතයින් හෝ කාර්ය මණ්ඩලය වේ.
අනෙක් 265දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්රිතයින් වේ.
අද (26) වන විට මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 4,678ක් වේ.
එ් අනුව, මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්යාව 8,152කි.
අද දහවල් 130දෙනෙක් සුවය ලැබීමත් සමගම සුවය ලැබු ගණන 3,933ක් වේ.
මේවන විට රෝහල්ගතව සිටින ආසාදිතයන් ගණන 4,203ක් වේ.






















