Wednesday, October 28, 2026
HomeNEWSLatest Newsජාත්‍යන්තර නගර දින පණිවිඩය

ජාත්‍යන්තර නගර දින පණිවිඩය

ජාත්‍යන්තර නගර දින පණිවිඩය

සියලුම ශ්‍රී ලාංකිකයන්ට වඩා හොඳ නගරයක් සහ වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් ජාත්‍යන්තර නගර දිනය යෙදෙන අද දිනයේ මම සුබ පැතුම් එක්කරමි.

සමස්ත සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා පදනමක් ලෙස නාගරික වශයෙන් සිදු කෙරෙන මූලික සේවාවන්හි වැදගත්කම හඳුනා ගනිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2013 දෙසැම්බර් 27වැනි දින ජාත්‍යන්තර නගර දිනය ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව 2014 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් 31 දින ජාත්‍යන්තර නගර  දින සැමරුම ආරම්භ විය.

ගෝලීය නාගරීකරණය කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව දක්වන උනන්දුව ප්‍රවර්ධනය කිරීම, අවස්ථාවන් සපුරාලීම සහ නාගරීකරණයේ අභියෝගයන්ට මුහුණදීම සඳහා රටවල් අතර සහයෝගීතාව ඇති කිරීමට මෙන්ම ලොව පුරා තිරසර නාගරික සංවර්ධනයට දායකවීම මෙම දිනයෙන් අපේක්ෂා කෙරේ.

ලෝක නගර දිනයේ පොදු තේමාව වන්නේ වඩා හොඳ නගරයක් හා වඩා හොඳ ජීවිතයක් යන්නයි. තිරසර නාගරික සංවර්ධනයක් ඔස්සේ රටක ජීවත්වන ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමක් කරා රැගෙන යා හැකිය. ගම සහ නගරය අතර තුලනය සමනය කරමින් සංවර්ධනයක් කරා ගමන් කිරීමේදී නගර සංවර්ධනය යනු කේන්ද්‍රගත වූ සංවර්ධන න්‍යායකි.

සෑම සාධකයකින්ම අංග සම්පූර්ණ වූ නගරයක් තුළ මිනිසාගේ ජීවත්වීම පහසුකරයි. එසේම, සියලු අවශ්‍යතාවයන් පසුරාලයි. නගර අලංකරණ, නිවාස ව්‍යාපෘති හා මාර්ග සංවර්ධනය යනාදී නන්විධ සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ අප බලයට පත් වූ සෑම අවස්ථාවකදීම නාගරික සංවර්ධනයට පුමුඛස්ථානයක් ලබා දුනි. රටේ එක් ස්ථානයකට නගරය කෙන්ද්‍ර කිරීමෙන් ඔබ්බට ගොස් රට පුරා නාගරික අත්දැකීම් සමාන කිරීමේ සෞභාග්‍යමත්  දැක්මට අපි මුලපිරුවෙමු.

නාගරීකරණයේ අභියෝගයන්ට මුහුණ දෙමින් ඒ සඳහා අවශ්‍ය තිරසර නාගරික සංවර්ධනයට දායකවීමට අත්වැල් බැදගන්නා ලෙස මෙවර නගර දිනය යෙදන අද දිනයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාවරයා සහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.

නාගරීකරණයේ තිරසර සංවර්ධන ඉලක්කයන් සපුරා ගන්නා සුබ අනාගතයක් සැමට ප්‍රාර්ථනා කරමි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img