Monday, October 26, 2026
HomeNEWSLatest Newsජන ජීවිතයට පීඩාවක් නොවන පරිදි සහ ආර්ථිකය අඩාල වීම වැළැක්වෙන ආකාරයට කොවිඩ්...

ජන ජීවිතයට පීඩාවක් නොවන පරිදි සහ ආර්ථිකය අඩාල වීම වැළැක්වෙන ආකාරයට කොවිඩ් ව්‍යාප්තිය මර්දනයට ජනපතිගෙන් තීරණ රැසක් ….


ජන ජීවිතයට පීඩාවක් නොවන පරිදි සහ ආර්ථිකය අඩාල වීම වැළැක්වෙන ආකාරයට කොවිඩ් ව්‍යාප්තිය මර්දනයට ජනපතිගෙන් තීරණ රැසක් ….

Ø බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ඇඳිරි නීතිය 09, සඳුදා පෙ.ව 5.00 දක්වා …

Ø ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට පොලීසියට උපදෙස් …

Ø නිවෙස් තුළ නිරෝධායනය අධීක්ෂණයට  …

Ø නිරෝධායනය වන්නන්ට දින 10කට පසු PCR පරික්ෂණ …

Ø නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000ක බඩු මල්ලක් ….

Ø ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම 
පැරණි ක්‍රමයටම ….

Ø දිස්ත්‍රික්ක අතර සංචරණය තදින් සීමා කෙරේ  ….

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණ රැසක් ගනී.

පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථික ප්‍රතිඵල ගෙන දෙමින් තිබේ.  මේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පොලීසීය සහ යුද හමුදාව යන අංශවල අධීක්ෂණයට නිරන්තරයෙන් ලක් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.  

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන්ගේ PCRපරීක්ෂණ 10 වන දිනයේ දී කළ යුතුය. ප්‍රතිඵල අනුව ආසාදනයට ලක් නොවූවන් දින 14කට පසු සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරන්නැයි ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට නියම කරයි. 

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමග අද (01) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

කොවිඩ් 19 පිළිබඳව අත්දැකීමක් නොතිබූ කලින් අවස්ථාවේ ඉතා හොඳින් ජනතාව ආරක්ෂා කර ගැනීමට රජයට හැකි විය. එහිදී ගත් උපක්‍රම සහ ක්‍රමවේද ඉවහල් කර ගනිමින් වත්මන් තත්ත්වය පාලනයට පියවර ගත යුතු බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

අඛණ්ඩව සහ නිරන්තරයෙන් අහඹු පරීක්ෂණ  කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. එමෙන්ම ඒවායේ ප්‍රතිඵල කෙටි වේලාවකදී දීමට හැකි උපරිම උත්සාහය ගත යුතු බවද එතුමා අවධාරණය කළේය. පෞද්ගලික රෝහලකින් හෝ රජය මගින් හෝ කවර ආකාරයකින්  PCR පරීක්ෂණය කෙරුණද අදාළ පුද්ගලයා ප්‍රතිඵල එන තෙක් නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය බවත් පෞද්ගලික රෝහල්වල  සිදු කරන PCR පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි අධීක්ෂණයට ලක්විය යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය. 

කොවිඩ් ආසාදිතයන් හමුවූ පසු ආශ්‍රිතයන් සහ ප්‍රදේශ හුදකලා කරනුයේ පැතිර යාම වැළැක්වීමට ගන්නා කඩිනමි පියවරක් ලෙසිනි. ඉන් ඔබ්බට ගොස් ඇඳිරි නීතිය පැනවීමෙන් රෝග ව්‍යාප්තිය මර්දනය අපේක්ෂා කෙරේ. එබැවින් ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල එය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා පොලීසියට උපදෙස් දුන්නේය. 

භාණ්ඩ බෙදා හැරීම ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර සංචරනය අත්හිටුවිමට ද තීරණය කෙරිණ. 

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මීට පෙර සිදු කළ ආකාරයටම අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින  බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම නිලධාරීන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට වගකීම් පවරමින් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, මාසික වැඩිහිටි දීමනාව  පෙර පරිදිම නිවසටම ගොස් භාර දෙන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 

නිවෙස්වල නිරෝධායනය වන්නන්ට රුපියල් 10,000ක බඩු මල්ලක් දීමට ද පියවර ගෙන තිබේ. 

රෝග ව්‍යාප්තිය නතර කිරීමෙන් පසුවද ආසාදිතයන් හමුවුවහොත් ඊට හේතු වෙනම විමර්ශණය කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඛණ්ඩව නොවැම්බර් 09 වැනි සඳුදා පෙ.ව 5.00 තෙක් දීර්ඝ කිරීමට ද තීරණය කෙරිණ. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසම, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට ද ලබන 09 දා තෙක් ඇඳිරි නීතිය පනවනු ලැබිණ.

මේ කාලසීමාව තුළ සාමාන්‍ය පරිදි ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ද ජනාධිපතිතුමා විසින් පොලීසියට උපදෙස් දෙනු ලැබිණ. 

ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, වෛද්‍ය සීතා අරඹේපොල, මහාචාර්ය චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img