Saturday, May 2, 2026
HomeNEWSLatest Newsකොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කරන එකම රෝහලෙන් අනාවරණයක්

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කරන එකම රෝහලෙන් අනාවරණයක්

කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කරන එකම රෝහලෙන් අනාවරණයක්

කොවිඩ් -19 ආසාදනය වූ ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනටම ඇති එකම මධ්‍යස්ථානය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිතකර තිබේ.

එහි විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා පවැසුවේ මේ වනවිට ගැබිනි මව්වරුන් 80කට අධික පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවය.

මේ වනවිටත් කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 28 දෙනෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කොවිඩ් පොසිටිව් ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

එහිදී විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේ  “ලංකාවටම තියෙන එකම මාතෘ කොවිඩ් පොසිටිව් ඒකකය තමයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කරලා තියෙන්නෙ. මේ වෙනකොට ලංකාවේ මව්වරුන් 80කට වැඩි ගණනකට කොවිඩ් වෛරසය වැළඳිලා තියෙනවා. කොවිඩ් වෛරස් ආසාදිත ගැබිනි මව්වරුන් 04 දෙනෙක් මේ රෝහලේදී දරුවන් බිහිකළා. කොවිඩ් වෛරසය ශරීරයේ නොමැති මට්ටම වාර්තා වුණාම මේ අය නිවෙස් බලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img