මැදපෙරදිග රටවල් 3ක සිටි ශ්‍රී ලාංකිකයන් 71 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ඕමාන්, ඩුබායි, කටාර් රාජ්‍යයේ සිට ගුවන් යානා 3කින් මෙම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බව අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු පැවසීය.
ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු, ඩුබායි සිට 35 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට 17 දෙනෙකු වශයෙන් ඔවුන් දිවයිනට පැමිණ තිබේ.
මෙම පිරිස ගුවන්තොටුපළේ දී PCR පරික්ෂණ සඳහා යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා පියවර ගෙන ඇත.






















