Wednesday, April 29, 2026
HomeNEWSඊයේ කොව්ඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

ඊයේ කොව්ඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ

දිවයිනේ දිස්ත්‍රික්ක 14කින් ඊයේ (07) දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේ අදාළ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 444 දෙනෙකු හඳුනාගෙන තිබු අතර වැඩිම සංඛ්‍යාව වූ ආසාදිතයින් 177 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඊයේ දින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් පහත පරිදි වේ,

කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් – 72
නුගේගොඩ – 09

ගම්පහ දිස්ත්‍රික්කය – 174
කුරුණැගල දිස්ත්‍රික්කය – 25
කෑගල්ල දිස්ත්‍රික්කය – 14 
නුවරඑළිය දිස්ත්‍රික්කය – 12
කළුතර දිස්ත්‍රික්කය – 10
මහනුවර දිස්ත්‍රික්කය – 09
පුත්තලම දිස්ත්‍රික්කය – 07
රත්නපුර දිස්ත්‍රික්කය – 06
මඩකලපුව දිස්ත්‍රික්කය – 04
ගාල්ල දිස්ත්‍රික්කය 03
මාතලේ දිස්ත්‍රික්කය – 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
මොණරාගල දිස්ත්‍රික්කය – 01

මේ අතර ඊයේ දිනයේ හඳුනාගත්  නව ආසාදිතයින් අතර පෑලිගොඩ පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳීරිනීතිය කඩකළ පුද්ගලයින් 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාලය තුළ රථවාහන 22ක් ද පොලිස්භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවු ඔක්තෝබර් මස 04 වනදා සිට මේ දක්වා කාලය තුළ එය කඩකළ පුද්ගලයින් 2832ක් සහ රථවාහන 425ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මුහුණුඅවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබානොගැනීම සම්බන්ධයෙන් ද පුද්ගලයින් 116ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img