Tuesday, October 27, 2026
HomeNEWSනිවෙස්වල නිරෝධායනයවන පුද්ගලයින්ට උපදෙස් නිකුත් වේ

නිවෙස්වල නිරෝධායනයවන පුද්ගලයින්ට උපදෙස් නිකුත් වේ

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

මෙලෙස නිරෝධායනය වන පිරිස් සමීපව අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ද සෞඛ්‍ය අංශ හරහා ක්‍රියාත්මක ය.

කොවිඩ් රෝගියකු ඇසුරු කළ හෝ ඇසුරු කර ඇතැයි සැකකරන, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් බාහිර ඇසුරෙන් මිදී නිවෙස්වලට වී නිශ්චිත කාලයක් ගතකිරීම නිවෙස්ගත නිරෝධායනය වෙයි.

අදාළ පුද්ගලයා රෝගියකු අවසන්වරට ඇසුරු කළා යැයි සැකකරන දින සිට අවම වශයෙන් දින 14ක කාලයක් මෙලෙස නිරෝධායනයට ලක් කෙරෙයි.

“ඔබ එලෙස නිවෙස්ගත නිරෝධායනයට යොමු වූ පුද්ගලයකු නම් ඔබ ඔබේ ත්, පොදු සමාජයේ ත් සුබසෙත උදෙසා අනුගමනය කළ යුතු පිළිවෙත් කිහිපයක් ඇත.”

“ඔබ නිරෝධායන කාලය තුළ කිසිම විටෙක නිවෙසින් බැහැරව යාම හෝ බාහිර පුද්ගලයන් නිවෙසට ඇතුළු කරගැනීමෙන් වැළකීසිටිය යුතුය.”

කොවිඩ් රෝගියා ඇසුරු කළා යැයි සැකකරන පුද්ගලයා නිවසේ වෙනම කාමරයක රැඳී සිටීමත්, හැකි සෑමවිටම වෙනම නාන කාමරයක්, වැසිකිළියක් භාවිත කිරීමත් වැදගත් ය.

එසේ කිරීමට අපහසු අවස්ථාවල භාවිතයෙන් පසු ජල කරාම, දොර හැඬල ආදිය සබන් හෝ පිරිසිදුකාරක යොදා පිරිසිදුකිරීමත් අනිවාර්ය වෙයි.

සෑමවිටම පෞද්ගලිකව පාවිච්චි කරන ඇඳ ඇතිරිලි, තුවා, පිඟන් කෝප්ප, හැඳි, ගෑරුප්පු ආදිය වෙනමම තැබිය යුතු අතර එසේ භාවිතකරන උපකරණ වෙනමම සබන් යොදා හොඳින් සේදීමත් අත්‍යවශ්‍යය ය.

“ඔබ නිවසේ සිටියදී නිවස තුළට වාතාශ්‍රය හොඳින් ලැබෙන්නට ඉඩහැරිය යුතුය.”

නිවස තුළ පවුලේ සාමාජිකයන් හමුවන විට මුහුණු ආවරණ පැළඳිය යුතු අතර එකිනෙකා අතර මීටරයක පරතරයද පවත්වාගත යුතුය.

අපිරිසිදු දෑත්වලින් මුහුණ, කට, නාසය, ඇස් ඇල්ලීමෙන් වැළකිය යුතු අතර සබන් යොදා අවම වශයෙන් තත්පර 20ක්වත් දෑත් හොඳින් සේදීමට පියවරගත යුතුය.

හැකිනම් නිවසේ සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය දවසට දෙවරක්වත් උෂ්ණත්ව මානයකින් මැන බැලීම යෝග්‍ය වේ.

වයස්ගත හෝ නිදන්ගත රෝගයකින් පෙළෙන අය නිවසේ වෙසේනම් ඔවුන් හැකිතරම් ඈත්ව තැබිය යුතු අතර ඔවුන් නියමිත ඖෂධ නිසියාකාරව ගැනීමද වැදගත් වේ.

“ඔබ භාවිත කරන ටිෂූ කඩදාසි, ඉවතලන මුහුණු ආවරණ ආදිය පියන සහිත කසළ බඳුනකට බැහැර කිරීමට කළයුතුය.”

පෝෂ්‍යදායි ආහාර නිතර ආහාරයට ගැනීම, දිනකට වතුර ලීටර 2 ත් දෙකහමාරත් අතර ප්‍රමාණයක් පානය කිරීම මෙන්ම සැහැල්ලු මනසකින් සිටීම අනිවාර්යෙන් කළ යුතුය.

එසේ නිවෙස්ගත නිරෝධායනයට යොමුව සිටින ඔබට යම්හෙයකින් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතා, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව ආදී රෝග ලක්ෂණ ඇතිවුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හැකි ඉක්මනින් දැනුම්දිය යුතුය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img