Wednesday, April 29, 2026
HomeNEWSනිවෙස්වල නිරෝධායනයවන පුද්ගලයින්ට උපදෙස් නිකුත් වේ

නිවෙස්වල නිරෝධායනයවන පුද්ගලයින්ට උපදෙස් නිකුත් වේ

නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

මෙලෙස නිරෝධායනය වන පිරිස් සමීපව අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ද සෞඛ්‍ය අංශ හරහා ක්‍රියාත්මක ය.

කොවිඩ් රෝගියකු ඇසුරු කළ හෝ ඇසුරු කර ඇතැයි සැකකරන, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් බාහිර ඇසුරෙන් මිදී නිවෙස්වලට වී නිශ්චිත කාලයක් ගතකිරීම නිවෙස්ගත නිරෝධායනය වෙයි.

අදාළ පුද්ගලයා රෝගියකු අවසන්වරට ඇසුරු කළා යැයි සැකකරන දින සිට අවම වශයෙන් දින 14ක කාලයක් මෙලෙස නිරෝධායනයට ලක් කෙරෙයි.

“ඔබ එලෙස නිවෙස්ගත නිරෝධායනයට යොමු වූ පුද්ගලයකු නම් ඔබ ඔබේ ත්, පොදු සමාජයේ ත් සුබසෙත උදෙසා අනුගමනය කළ යුතු පිළිවෙත් කිහිපයක් ඇත.”

“ඔබ නිරෝධායන කාලය තුළ කිසිම විටෙක නිවෙසින් බැහැරව යාම හෝ බාහිර පුද්ගලයන් නිවෙසට ඇතුළු කරගැනීමෙන් වැළකීසිටිය යුතුය.”

කොවිඩ් රෝගියා ඇසුරු කළා යැයි සැකකරන පුද්ගලයා නිවසේ වෙනම කාමරයක රැඳී සිටීමත්, හැකි සෑමවිටම වෙනම නාන කාමරයක්, වැසිකිළියක් භාවිත කිරීමත් වැදගත් ය.

එසේ කිරීමට අපහසු අවස්ථාවල භාවිතයෙන් පසු ජල කරාම, දොර හැඬල ආදිය සබන් හෝ පිරිසිදුකාරක යොදා පිරිසිදුකිරීමත් අනිවාර්ය වෙයි.

සෑමවිටම පෞද්ගලිකව පාවිච්චි කරන ඇඳ ඇතිරිලි, තුවා, පිඟන් කෝප්ප, හැඳි, ගෑරුප්පු ආදිය වෙනමම තැබිය යුතු අතර එසේ භාවිතකරන උපකරණ වෙනමම සබන් යොදා හොඳින් සේදීමත් අත්‍යවශ්‍යය ය.

“ඔබ නිවසේ සිටියදී නිවස තුළට වාතාශ්‍රය හොඳින් ලැබෙන්නට ඉඩහැරිය යුතුය.”

නිවස තුළ පවුලේ සාමාජිකයන් හමුවන විට මුහුණු ආවරණ පැළඳිය යුතු අතර එකිනෙකා අතර මීටරයක පරතරයද පවත්වාගත යුතුය.

අපිරිසිදු දෑත්වලින් මුහුණ, කට, නාසය, ඇස් ඇල්ලීමෙන් වැළකිය යුතු අතර සබන් යොදා අවම වශයෙන් තත්පර 20ක්වත් දෑත් හොඳින් සේදීමට පියවරගත යුතුය.

හැකිනම් නිවසේ සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය දවසට දෙවරක්වත් උෂ්ණත්ව මානයකින් මැන බැලීම යෝග්‍ය වේ.

වයස්ගත හෝ නිදන්ගත රෝගයකින් පෙළෙන අය නිවසේ වෙසේනම් ඔවුන් හැකිතරම් ඈත්ව තැබිය යුතු අතර ඔවුන් නියමිත ඖෂධ නිසියාකාරව ගැනීමද වැදගත් වේ.

“ඔබ භාවිත කරන ටිෂූ කඩදාසි, ඉවතලන මුහුණු ආවරණ ආදිය පියන සහිත කසළ බඳුනකට බැහැර කිරීමට කළයුතුය.”

පෝෂ්‍යදායි ආහාර නිතර ආහාරයට ගැනීම, දිනකට වතුර ලීටර 2 ත් දෙකහමාරත් අතර ප්‍රමාණයක් පානය කිරීම මෙන්ම සැහැල්ලු මනසකින් සිටීම අනිවාර්යෙන් කළ යුතුය.

එසේ නිවෙස්ගත නිරෝධායනයට යොමුව සිටින ඔබට යම්හෙයකින් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතා, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව ආදී රෝග ලක්ෂණ ඇතිවුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හැකි ඉක්මනින් දැනුම්දිය යුතුය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img