Wednesday, April 29, 2026
HomeNEWSජොන්ස්ටන්ගෙන් විග්නේශ්වරන්ට අවවාදයක්

ජොන්ස්ටන්ගෙන් විග්නේශ්වරන්ට අවවාදයක්

ජොන්ස්ටන්ගෙන් විග්නේශ්වරන්ට අවවාදයක් – මෙය ජනතාවගේ සංවර්ධනය පිළිබද කමිටුවක් මිසක් පාර්ලිමේන්තුව නොවේ. ඔබතුමන්ලා හිටපු පසුගිය යහපාලන රජය තමයි පළාත් සභා ඡන්දය නොතියන්න කටයුතු කලේ….

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩ සටහනට සමගාමීව යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය යටිතල පහසුකම් කමිටුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධාත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී රැස්වීම ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රි සි.වි.විග්නේශ්වරම් මහතා පැවසූවේ පළාත් සභා ඡන්දය නොතියා රජය මැදිහත් වී උතුරේ සම්පූර්න බලය තහවුරු කිරිමට මේ කමිටුව පවත්වන්නේ දැයි ඇසීය. සංවර්ධන කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආයතන වලට නොදීම ගැටළුවක් බවත් මෙහිදී විග්නේශ්වරන් මහතා පැවසීය. ඔබලා මේ කරන්නේ මධ්‍යම ආණ්ඩුවට බලය ගැනීමට යැයිද පැවසීය.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊට පිළිතුරු ලබා දෙමින් පැවසූවේ මෙම රැස්වීම් මාලාවේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවගේ සංවර්ධනය බවයි. සංවර්ධන කටයුතු වලට බාධා කිරිම නුවණට හුරු දෙයක් නොවන බවත් මෙම රැස්වීම පවත්වන්නේ සංවර්ධනය පිළිබදව පමණක් බවත් මේ සදහා දේශපාලනය ගාව නොගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසූවේ සංවර්ධනය යනු ජනතාවට පොදු දෙයක් බවයි. සංවර්ධනය සමානව බෙදී යාමෙන් ඇති නැති පරතරය අවම වන බවත් අමාත්‍යවරයා පැවසීය. සංවර්ධන කටයුතු වලින් බලාපොරොත්තු වෙන්නේ ජනතා සුබසිද්ධිය මිසක් දේශපාලනය නොවන බවත් මෙම සංවර්ධන කමිටු රැස්වීම් පාර්ලිමේන්තුව කර නොගන්නා ලෙසත් අවධාරණය කලේය. අනෙක පළාත් සභා මැතිවරණය නොපැවැත්වූයේ ඔබතුමන්ලා හිටපු යහපාලන ආණ්ඩුව නේදැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව 2010 රජය කාලේ ඔය සියළු කාරනා යාපනයට ඉටු කලා. පාරවල් හැදුවා. පාසල් හැදුවා. විදුලිය ලබා දුන්නා. කෝච්චි පාර හදලා දුන්නා. කඳවුරුවල හිටපු ජනතාව නිවෙස්වල පදිංචි කලා. කරන්න පුළුවන් හැම දෙයක්ම කලා. නමුත් ඔබතුමාන්ලා අමාත්‍යධූරය දැරූ ආණ්ඩුවෙන් කිසිදු දෙයක් යාපනේ ජනතාවට ඉටු කරලා නෑ. ඒ නිසා ජනතාවට අපි ගැන විශ්වාස ඇති.අපි මේ වසර පහේදී තවදුරටත් සංවර්ධන කටයුතු කරනවා යැයිද දැඩි ලෙස ප්‍රකාශ කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img