Monday, October 26, 2026
HomeNEWSLatest Newsදිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වැනි ගුණ සමරුවට සමඟාමී පිරිත් දේශනය...

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වැනි ගුණ සමරුවට සමඟාමී පිරිත් දේශනය හා දානමය පිංකමට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වැනි ගුණ සමරුවට සමඟාමී පිරිත් දේශනය හා දානමය පිංකමට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වෙනි ගුණ සමරුවට සමඟාමීව වීරකැටිය, මැදමුලන නිවසේ දී සෙත් පිරිත් දේශනයක් හා අද 2020.11.07 පෙරවරුවේ දානමය පිංකමක් පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිණිය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අග්‍රමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ සහභාගීත්වයෙන් ඊයේ 2020.11.06 පස්වරුවේ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ හා දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂ මැතිණියගේ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු විය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, චන්ද්‍රා රාජපක්ෂ මැතිණිය, බැසිල් රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මැතිතුමා ඇතුළු පවුලේ සාමාජිකයෝ එක්ව සිටියහ.

මැද මුලනේ පිහිටි ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමාගේ හා දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂ මැතිණියගේ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව, පැවති පහන් පූජාව සඳහා ද පවුලේ සාමාජිකයින් සියලු දෙනා එක් වූහ.

පිරිත් දේශනය සඳහා හපුගම්පොත පුරාණ මහා විහාරාධිපති මිද්දෙනියේ ඉන්ද්‍රරතන නාහිමි, පල්ලෙ මුලන ගිරුවාසෑය විහාරාධිපති සපුගස් යායේ ධම්මරතන නාහිමි හා හපුගම්පොත අතුල දක්ෂිණාරාම විහාරාධිපති වකමුල්ලේ චන්ද්‍රවිමල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩම කළ වදාළහ

දානමය පිංකම සඳහා රුහුණේ ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරි උභය රාජමහා විහාරාධිපති, කාවන්තිස්ස පරිවේණාධ්‍යක්ෂ, මාතර කන්දබඩ පත්තුව ඇතුළු මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමි, සද්ධර්ම කීර්ති ශ්‍රී විමලසිරි රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස් දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති පරිවෙණාධිපති තලම් පොරුවේ ඉන්දු සුමන නාහිමියන් හා මාතර හම්බන්තොට දෙපළාතේ සංඝනායක මුල්කිරිගල රාජමහා විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය වැඩම කළ වදාළහ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, පවුලේ සාමාජිකයින්ගේ  සහභාගීත්වයෙන් පමණක් මෙම ආගමික වතාවත් පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img