Tuesday, April 28, 2026
HomeNEWSසමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14000ට ළං වෙයි

සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14000ට ළං වෙයි

අද (09) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වු කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් ගණන 10,451ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් සහ ඉතිරි පුද්ගලයින් 8,403 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 412ක් හා එම කම්හලේ සේවකයින්ගේ සහ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 4,449 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අද උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයෙක් මෙරටට පැමිණ ඇති අතර ඔහු නිරෝධායනය සඳහා යොමුකර ඇත.

අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 63,921ක් නිවෙස් බලා පිටව ගොස් තිබේ. තවත් පුද්ගලයින් 2,409 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන 27ක නිරෝධායනය වෙමින් සිටී.

මේ අතර ඊයේ (08) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 410,632ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 602,850කි.

ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 510ක් හඳුනාගත් අතර, මෙරට සිදුවු 35 වන කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණය ද ඊයේ වාර්තා විය.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 13,929ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව ද 8,285ක් දක්වා වැඩි වී තිබේ.

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 5,609 දෙනෙක් මේ වන විට දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img