Friday, September 4, 2026
HomeNEWSCOVID-19මෙරට කොවිඩ් තත්ත්වය

මෙරට කොවිඩ් තත්ත්වය

මෙරට කොවිඩ් තත්ත්වය

ඊයේ (11) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 635ක් හඳුනාගත් අතර, මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 15,350ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් දස දෙනෙක් විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයන් වේ.

මේ අතර මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 11,857ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ අතර අද දිනයේ දීත් පාකිස්ථානයේ සිට පුද්ගලයින් 25 දෙනෙක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 31 දෙනෙක් සහ ඕමාන් සිට පුද්ගලයින් 20 දෙනෙක් මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් අද පුද්ගලයින් දෙදෙනෙක් නිවෙස් බලා පිටව යෑමට නියමිතය.

තවත් පුද්ගලයින් 2,690ක් නිරෝධායන මධ්‍යස්ථාන 29ක් තුළ සිටී.

ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 10,207ක් සිදුකර ඇති අතර මෙරට සිදුකර ඇති සමස්ථ පරීක්ෂණ ගණන 629,315ක් බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ දිනය වන විට මෙරට කොවිඩ් මරණ 46ක් වාර්තා වෙන අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,121ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img