Thursday, April 16, 2026
HomeNEWSLatest News"කැබිනට් මණ්ඩලය මෘත දේහ වළ දැමීම හෝ ආදාහනය පිළිබඳව තීන්දු ගන්නා තැනක්...

“කැබිනට් මණ්ඩලය මෘත දේහ වළ දැමීම හෝ ආදාහනය පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවෙයි” – ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

“කැබිනට් මණ්ඩලය මෘත දේහ වළ දැමීම හෝ ආදාහනය පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවෙයි”
– ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කැබිනට් මණ්ඩලය කොවිඩ් වසංගතයෙන් මියයන කවරෙකු හෝ වළ දැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවන බවත් එබැවින් මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ වළ දැමීම පිළිබඳ තීන්දුවක් ගන්නේ නම් එය විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කළ යුතු කටයුත්තක් බවත් එවැන්නක් සිදු කරන්නේ නම් ඊට හේතු රට හමුවේ තැබීම ද ඉහත කී ප්‍රාමාණික විද්වතුන් විසින් සිදුකළ යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

අද (12) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මාලඹේ ග්‍රාම සේවා වසම් කිහිපයක කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 5000/- දීමනාව ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් හාරලක්ෂ පනස්දහසකට රුපියල් 5000ක දීමනාව ලබා දුන් බවත් එසේම නිරෝධායනයට ලක් වන පවුල් 9000කට රුපියල් දසදහසේ සහන මලු ලබාදී ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

කොවිඩ් -19 රෝගය වැලදී මිය යන අයගේ සිරුරු භූමදාන නොකල යුතු බවටත් ඒවා ආදාහනය කිරීම පමණක් සිදු කළ යුතු බවටත් තීන්දු කරනු ලැබුවේ ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් පිරිසක් විසින් බව පැවසූ වීරවංශ මහතා එම තීන්දුව කිසිසේත්ම වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තුළ තීන්දුවක් නොගත් බව අවධාරණය කළේය.

අවාසනාවට අධිකරණ අමාත්‍යවරයා තම සමාජ මාධ්‍ය ගිණුම තුළ එවැනි තීන්දුවක් ගත් බවට හැඟවෙන සටහනක් තබා තිබූ බැවින් රට තුළ මේ පිළිබඳ අනවශ්‍ය ආන්දෝලනයක් ඇති වූ බව ද වීරවංශ මහතා මෙහිදී පැවසීය.

කොවිඩ් -19 රෝගය යමකුට වැළදෙන්නේ හෝ එමගින් මිය යන්නේ ජාති – කුල – මල ආගම් භේද බලමින් නොවන නිසා එම භේද පෙරට දමමින් එය තම දේශපාලනයට යොදා ගැනීම කවරකු විසින් හෝ නොකළ යුතු බවට ද මෙහිදී වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. කතෝලික ජනතාවගේ ද මෘතදේහ භූමදාන කිරීම බයිබලයෙහි සඳහන් වූවත් එවැනි ඉල්ලීම් මෙම බරපතළ වසංගත තත්වය හමුවේ එම සමාජයෙන් ඉදිරිපත් නොවන බවත් එවැනි විශ්වාසයක් බෞද්ධයන් තුළ පැවතියා නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙම ලෝක වසංගත තත්වය හමුවේ ඒ වෙනුවෙන් පෙනී නොසිටින බව තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් මෘතදේහවලට කළ යුතු දේ ගැන විවාද කිරීම පසෙක දමා මේ මොහොතේ මේ රටේ ජනතාව කොවිඩ් -19 වසංගතයෙන් මුදවා ගැනීමට පටු වාද භේද අතහැර සියලු ශ්‍රී ලාංකිකයන් අත්වැල් බැඳගත යුතු බව ද වීරවංශ ඇමතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img