අයවැය යෝජනාවට කැබිනට් අනුමැතිය
2021 වසර සඳහා වන අයවැය යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමෙන් පසු ඊට අදාළ අනුමැතිය හිමි වු බව අද පැවැත්වෙන කැබින්ට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 1.40ට අයවැය දෙවනවර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
අයවැය පිළිබද දෙවන වර කියවීමේ විවාදය හෙට (18) ආරම්භ වේ.






















