Saturday, April 18, 2026
HomeNEWSLatest Newsපාසල්වලට ඉංග්‍රීසි Smart Class

පාසල්වලට ඉංග්‍රීසි Smart Class

පාසල්වලට ඉංග්‍රීසි Smart Class

පාසල් තුළ ඉංග්‍රිසි අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් නවීන තාක්ෂණය සම්බන්ධ කර ගනිමින් සකස් කරන ලද ඉංග්‍රීසි සුහුරු පන්ති (English Smart Class)පිහිටුවීමේ වැඩපිළිවෙලක් Right to Read ව්‍යපෘතිය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නංවා ඇත.

3 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාව තුළ ඉංග්‍රීසි විෂයට අදාළ පෙළ පොත් ඇසුරින් සකස් කරන ලද පාඩම් මාලා අන්තර්ගත කරන ලද අන්තර්ජාල යෙදවුමක් මගින්(app)මෙම ඉංග්‍රීසි සුහුරු පන්ති ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ වන විට දිවයින පුරා පාසල් 837 ක සිසුන් 510,745 කට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ කරගෙන තිබේ.  උතුර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාතේ පාසල් තුළ මේ වන විටත් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.

2022 වර්ෂය වන විට දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති අතර, දකුණු පළාත් වැඩපිළිවෙළ තුළ පළමු අදියර යටතේ ඉදිරි මාස කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 100ක මෙම වැඩසටහන හඳුන්වාදීමට කටයුතු යොදා තිබේ. දෙවැනි අදියර යටතේ දකුණු පළාතේ තවත් පාසල් 100 කට ඉංග්‍රීසි සුහුරු පන්ති ලබාදීමට පියවර ගැනේ.

දරුවන්ට පාසල තුළ දී අදාළ විෂය භාර ගුරුවරයාගේ සහාය ඇතිව සුහුරු ඉංග්‍රීසි පන්තිය සමග සම්බන්ධ විය හැකි අතර, මීට අදාළව ගුරුභවතුන් පුහුණු කිරීම වෙනුවෙන් ගුරු උපදේශකවරුන් සහ විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ කටයුතු ද මේ වන විටත් ක්‍රියාවට නංවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා...

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img