Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsගොවීන්ට අවශ්‍ය පොහොර ඕනෑම අවස්ථාවක දී මිලට ගැනීමට හැකි පරිසරයක් සකස් කරනවා…...

ගොවීන්ට අවශ්‍ය පොහොර ඕනෑම අවස්ථාවක දී මිලට ගැනීමට හැකි පරිසරයක් සකස් කරනවා… මහ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට ලබාදෙන්න…

ගොවීන්ට අවශ්‍ය පොහොර ඕනෑම අවස්ථාවක දී මිලට ගැනීමට හැකි පරිසරයක් සකස් කරනවා… මහ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට ලබාදෙන්න…

මහ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ස‍භාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අද (2020.11.04) දින අරලියගහ මන්දිරයේ පැවති ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් පොහොර ආනයනය හා බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ගොවීන් වෙත නිසි කාලයේදි ජලය සහ පොහොර සැපයීම මගින් කෙටිකලක් තුළ නිෂ්පාදන ධාරිතාවය වැඩිකරගත හැකි බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම වසරේ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 708,910ක් වන අතර, මහ කන්නය සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 214,000 න් මේ වන විට ඉන් මෙට්‍රික් ටොන් 51,797ක් ගොවීන් අතර බෙදාදීමට කටයුතු කළ බවත් ඉතිරි ප්‍රමාණය ක්‍රමානුකූලව බෙදාහැරීම සඳහා තොග ලැබෙමින් පවතින බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙම සාකච්ඡාවේදී අනාවරණය කළේය.
අනෙකුත් වගාවන් සඳහා පොහොර නිකුත් කිරීම 10%ක් රජයේ සමාගම් මඟින් සහ 90%ක් පෞද්ගලික සමාගම් වලින් ආනයනය කර නිකුත් කරනු ලබයි.
මෙහිදී පොහොර ආනයනයේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන බැසිල් රාජපක්ෂ මහතා සමඟ දීර්ඝව සාකච්ඡා කළ අතර, ලබන වසරේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා අනුමැතිය කඩිනමින් ලබාදිය යුතු බැවින්, ආනයනය කිරීමට වෙන් කරන ප්‍රමාණය දෙසැම්බර් මාසය වන විට ලබාදිය යුතු බව පෙන්වා දුන්නේය.
මෙහිදී ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකායේ ස‍භාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ගොවීන්ට අවශ්‍ය පොහොර ඕනෑම අවස්ථාවක දී මිලට ගැනීමට හැකි පරිසරයක් සකස් කරන බවත් පොහොරවල ගුණාත්මකභාවය නියාමනය සහ අපද්‍රව්‍යවලින් තොර ඉහළ තත්ත්වයේ පොහොර ආනයනය සඳහා රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව ද මෙහිදී අවධාරණය කළේය.
ලබන වර්ෂයට අවශ්‍ය සමස්ථ පොහොර ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 708,910න් යල කන්නය සඳහා මෙට්‍රික් ටොන් 285,504ක් වෙන් කරන අතර මහා කන්නය සඳහා මෙට්‍රික් ටොන් 423,406ක් වෙන් කරනු ලබයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img