එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සිරිකොත මන්දිරයේදී 2020.11.24 දින හිටපු අමාත්ය වජිර අබේවර්ධන මැතිතුමා සමග පැවති මාධ්ය හමුව
මේ අවස්ථාවේදී රජය අය වැය ඉදිරිපත් කර ඇති අවස්ථාවක විවිධ අංශ ගැන විවිධ කරුණු ඔස්සේ අවධානය යොමු කරමින් එහි සාර්ථක අසාර්ථක බව දෙස සියළු දෙනා අවධානය යොමු කළ යුතුව ඇත. ලබන අවුරුද්දෙ මැද භාගය වන විට මේ අය වැය මුදල් ඉදිරිපත් කර ඇති කරුණු දෙස බැලීමේදී පෙනී යන කාරණය තමයි මහ බැංකු වාර්ථාවට අනුවප්රාග්ධන වෙළඳපොල, බැංකු, පොලී අනුපාත, පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය සහ අත්තිකාරම්, රාජ්ය මූල්ය කටයුතු, විනිමය අනුපාත වෙනස්වීම්, නොපියවා ඇති විදේශ ණය, අන්තර්ජාතික ආයෝජන තත්වයන්, ගිණුම් තුලනයන්, විදේශ වෙළඳාමේ ප්රවණතා, ශ්රම බලකායේ සේවා නියුක්ති අංශයේ සේවා නියුක්තිය පිළිබඳ තත්වයන්, වැටුප් ප්රමාණ දර්ශක, පාරිභෝගික මිළ දර්ශන, ආර්ථික යටිතල පහසුකම්, ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති විදේශ සෘජු ආයෝජන, පවත්නා වෙළඳපොල පිළිබඳ තිබෙන දේශීය තත්වය, කර්මාන්ත වල ස්ථාවර භාවය, කර්මාන්ත වල තත්යවය පිළිබඳ වාර්ථාව මහ බැංකු වාර්ථාවට අනුකූලව පොලී අනුපාත, රාජ්ය මූල්ය කටයුතු සියල්ල දිහා බැලූ විට පෙනී යන්නේ සම්ප්රදානුකූල මහා බැංකු ආර්ථික ප්රවණතාවයන් තුළ අය වැය ගැබ් වී ඇති බවයි.
රාජ්ය මූල්ය කළමණාකරන වාර්ථාවට අනුකූලවත්සෑම අංශයකින්ම පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය, භාණ්ඩාගාර බිල්පත්, අන්තර් බැංකු මූල්ය තත්වයන්, වාණිජ බැංකු වල තත්වයන්, විනිමය අනුපාත, සංචාරකයන්ගේ පැමිණීම, ආනයන-අපනයන තත්වයන්, විදේශ අංශ වලින් ලැබී ඇති තත්වයන්, රාජ්ය මූල්ය සංචිතය දෙස බැලූ විට ඒ අනුව පෙනී යන්නේද ඉතාමත් අසාර්ථක අයවැයක් බවයි.
රජයේ ආදායම සහ රජයේ විදයම හසුවන ආකාර දෙස බැලූ විටද ශ්රී ලාංකික මහජනතාවට බරපතල ඛේදවාචකයකට මුහුණ දීමට සිදු වන බව එම තොරතුරු ඔස්සේ එක්සත් ජාතික පක්ෂයේ මතයයි. මෙවන් පසුබිමකදී රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් උපරිම සීමාවන් පැනවීමෙන්ද රාජ්ය අංශයද බරපතල ඛේචවාචකයකට මුහුණ දීමට පුළුවන්.
රනිල් වික්රමසිංහ එක්සත් ජාතික පක්ෂයට පස් වතාවක් බලය ලබා දුන්නා සේ ජාතියට විශාල අර්බුධයක් තියෙන අවස්ථාවක නැවතත් එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දිය හැක්කේ රනිල්ටයි
සෑම අංශයකටම රජයේ කටයුතු සඳහා වියදමෙහි උපරිම සීමාවන් පනවා ඇති බව අත්තිකාරම් ගිණුම දෙස බැලූ විට පෙනී යන ප්රධානම කාරණයයි. ඒ අතර 2020 ඇස්තමේන්තු වලින් බලාපොරොත්තු වන ආදායම්ද, උසාවි දඩ මුදල් , මුද්දර ගාස්තු, මෝටර් රථ ප්රවාහන ගාස්තු, මධ්යම රජයේ විවිධ ආදායම උපයන මාර්ග, ණය ආපසු අය කර ගැනීම්, දඩ මුදල්, ආදායම් ලැබෙන ශ්රී ලංකා ටෙලිකොම්, බැංකු, රජයේ වත්කම් වලින් ලැබෙන ආදායම්, අනෙකුත් බලපත්ර ගාස්තු, බලාපොරොත්තු වන ඉලක්ක ලඟා කර ගැනීමට අපොහොසත් වන බව ඉතාමත් පැහැදිළිය.
කෝවිඩ් වසංගතය රට තුළ නිර්මාණය වී තිබෙන අවස්ථාවක සුරා බදු, මත්පැන් වලින් ඇස්තමේන්තු ආදායම දෙස බැලූ විට මිලියන ගනණක මත්පැන්, සිගරට්, අනෙකුත් නීත්යානුකූල මත් ද්රව්ය වලින් බලාපොරොත්තු වන ගාස්තු සහ ඔට්ටු, සූදු ගාස්තු පොතේ සඳහන් කර තිබුණත් දුම්කොළ බද්ද ඇතුලු ඒවායින් බලාපොරොත්තු වන ආදායමද ඉතාමත් භයංකර ආදායමක් බව මේ අවස්ථාවේදී හඳුන්වාදීමට කැමතියි.
සිගරට්, මත්ද්රව්ය ඇතුළු වෙනත් සුරා බදු වලින් රජයට ලැබෙන ආදායමින් ජනතාව ජීවත් කරවීමට….
හරිනම් රජය විසින් ගතයුතුව තිබුණේ කෝවිඩ් වසංගතයේදී සෑම පුරවැසියෙකුගේම ශරීර සෞඛ්ය ශක්තිමත්ව තබා ගැනීම වැදගත් කරුණකි. මෙවන් අවස්ථාවක රජය ජනතාව ජීවත් කරවීමට ගත යුතු ප්රධාන ක්රියාමාර්ගයක් නම් සිගරට්, මත්ද්රව්ය, වෙනත් සුරා බදු වලින් ලැබෙන ආදායම් අඩු කර, තහනම් කර මාස 6 ඉක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම එවැනි දෙයින් රජය අපේක්ෂා කරන ආදායම පාලනයකොට මහජනතාව ජීවත් කරවීමයි. කෝවිඩ් වසංගතයේදී ශරීරයේ සෞඛ්ය තත්වය ආරක්ෂා කර ගැනීමට අහිතකර දේ පාලනය කිරීමත්, හිතකර දේ ජනතාවට ලබා ගැනීමට නොහැකි තත්වයක් තුළ ඒවා ලබා ගැනීමට හැකි මාර්ග සකස් කර දීමයි.
සෑම පුරවැසියෙක්ම වෛද්යවරයෙකු ලෙස කටයුතු කරමින්…
කෝවිඩ් වසංගතයේදී සෑම වෛද්යවරයෙකුටම ඒ සඳහා බෙහෙතක් නොමැති අතර මුළු ලෝකෙම අත සෝදා ගැනීමත්, පිරිසිදුව සිටීමත් අවස්ථාවක් කර දිලා තිබෙනවා. ඒ කියන්නේ සෑම පුරවැසියෙක්ම වෛද්යවරයෙකු ලෙස කටයුතු කර ගැනීමත් සිදු කළ යුතුව තිබෙනවා. වෛද්යවරුත් අත සෝදා ගත යුතු අතර, පුරවැසියනුත් අත සෝදා ගත යුතුය. එකම ප්රතිකර්මය එය නම් ශරීර සෞඛ්ය ශක්තිමත් කිරීම සඳහා රජය කිසිම අවධානයක් යොමු කර නැති බව ඉතා පැහැදිළිය. අහිංසක දුප්පත් පුරවැසියන්ට තම ශරිර සෞඛ්ය නිසියාකාරව පවත්වාගෙන යාමට අවශ්ය ආහාර පාන ඉතා ඉහළ මට්ටමක පවතින අවස්ථාවක ජන ජීවිතය අනතුරකට ලක් වීම සිදු විය හැකිය. මෙවන් අයවැයක් ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවක ඒ පිළිබඳ ජනතාවගේ නිසි අවබෝධය ඔවුන් විසින්ම ලබා ගත යුතුය.
පෞද්ගලික අංශය 60 දක්වා සේවා කාලය දීර්ඝ කිරීමෙන්…
2001 අපි රජය භාර ගන්නා අවස්ථාවේදී රාජ්ය අංශය 55 දක්වා විශ්රාමික වයස සීමා කර තිබූ අතර, අප රජය විසින් එවකට මා රාජ්ය පරිපාලන අමාත්යවරයා ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමා සමග සාකච්ඡාකොට 60 දක්වා රජ්ය සේවය දීර්ඝ කිරීමට කැබිනට් මන්ඩලය හරහා අපි තීරණය කරන ලදී. එවන් අවස්ථාවක කැබිනට් මණ්ඩලයේ මත අදහස් අනුව විශ්රාම ගැනීමේ සීමාව 57 දක්වා දීර්ඝකොට ඉදිරි වසර 3 සේවකයාගේ කැමැත්ත අනුව ඉදිරියට යාමට අවසර දෙන ලදී. පසුකාලීනව නැවත එය 60 දක්වා දීර්ඝ කර ඇති අතර ඒ රාජ්ය අංශයේ රාජ්ය සේවකයන් සඳහා ගෙන තිබූ තීරණයයි. වර්ථමාන රජය පෞද්ගලික අංශයේ 60 දක්වා සේවා කාලය දීර්ඝ කිරීම ගැන අප විරුද්ධත්වයක් නොමැත. නමුත් පෞද්ගලික අංශයට මේ අවස්ථාවේදී ඔවුන්ගේ අර්ථසාදක අරමුදල්, ඔවුන් විසින් උපයා ගන්නා මුදල් ඔවුන්ට 55 වන විට කැමති අයට ලබා ගැනීමටත්, අනෙක් අයට ඒ අයගේ සෞඛ්ය තත්වය අනුව 60 දක්වා හෝ ඊට වැඩි කාලයක් සේවය කිරීමට හැකියාව තිබීම ඉතා වැදගත්ය. දැනටමත් පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු දරණ අය වයස් සීමාවකින් තොරව තමන්ගේ රාජකාරී රටේ ආර්ථිකය සඳහා හවුල් කර ඇත. ලෝකයේ ඇතැම් රටවල් විශ්රාම යාමේ සීමාව සෞඛ්ය තත්වය අනුව තීරණය කරයි. අත්දැකීම්, පලපුරුද්දක් ඇතිවන පෞද්ගලික අංශයේ නිලධාරින් හෝ වේවා, රාජ්ය අංශයේ නිලධාරින් හෝ වේවා රටේ ආර්ථිකයට හවුල් කර ගැනීම වැදගත්ය.
ලෝක ආර්ථිකයට රටේ ආර්ථිකය ගලපමින්…
නමුත් ආර්ථිකය හැකිලෙන අවස්ථාවක ආර්ථිකය ලෝක ආර්ථිකයට ගැලපෙන පරිදි වෙනස් කළ යුතු අවස්ථාවක ඒ සඳහා පියවර ගෙන නොමැති අය වැයක් තුළ මෙවැනි සුන්දර කථා ප්රකාශ කිරීමෙන් මහජනතාව නොමග යනු ඇත.
එම නිසා මේ පිළිබඳ පෞද්ගලික අංශයේ සේවකයන්, ඔවන්ගේ වෘත්තීය සමිති සහ අනෙක් ආයතන අවධියෙන් ක්රියාකළ යුතු අවස්ථාවකි.
වැටුණු එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනගමින්…
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ යුත්තේ රනිල් වික්රමසිංහ මහතාමයි. ඇත්තවශයනේ මෙවැනි අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයත්, මන්ත්රී ධූරයත් නියෝජනය කළ යුතු එකම සුදුසු පුද්ගලයා රනිල් වික්රමසිංහ මහතායි. එතුමා දේශීය වශයෙනුත්, ජාත්යන්තර වශයෙනුත් තමන්ගේ අත්දැකීම් පලපුරුද්ද ලබන වර්ෂයේ අග භාගය වන විට රටේ ජනතාව පත්වන අති දුෂ්කරතාවයෙන් ගොඩ ගැනීම සඳහා එතුමාගේ දැනුම, පළපුරුද්ද, හැකියාව අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුය.
එය එතුමාට පැහැර හැරිය නොහැකි පසුබිමක එතුමාගේ කැමැත්ත, අකමැත්ත කෙසේ වෙතත් එතුමාගේ වගකීමක් තියෙනවා වැටුණු එක්සත් ජාතික පක්ෂය වට්ටල භාර දෙන්න ඕනද, නැගිට්ටවලා භාර දෙන්න ඕනද කියන එක. එතුමා පස්වතාවක් අග්රාමාත්ය ධූරය දරමින් එක්සත් ජාතික පක්ෂය සුරක්ෂිත කරමින්, එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒම සඳහා ක්රියා කරලා තියෙනවා.
අපේම පක්ෂයේ ඇතැම් පිරිස් රනිල් වික්රමසිංහ මැතිතුමාට පහර දීම හරහා සිදු වූයේ එක්සත් ජාතික පක්ෂය නැති වීමත්, රටේ ජනතාවගේ අනාගතය විනාශ වීමත් පමණයි. එය පරාජය කිරීම ඔබ විසින් කළ යුතුමයි.
ගාල්ල දිස්ත්රික්කයට මන්ත්රී ධූරය සුදුසු වුණත් රනිල් වික්රමසිංහ මැතිතුමාගේ නම යෝජනා කරන්නේ ජාතික අවශ්යතාවයක් නිසායි….
ඔබ ඇහුවා ප්රශ්නයක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්රී ධූරය සඳහා ඔබ නියෝජනය කරන්න කැමති නැද්ද කියලා.
ඇත්තවශයෙන්ම මා ප්රකාශ කරන්න තිබෙන්නේ එසේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රී ධූරය ලංකාවේ දිස්ත්රික්ක මට්ටමන් ලබා දෙනවා නම් එය වඩා සුදුසුම දිස්ත්රික්කය ගාල්ල දිස්ත්රික්කයටයි. ගාල්ල දිස්ත්රික්කය තමයි ලංකාවේ වැඩිම ඡන්ද ප්රතිශතයක් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් විසින් අරන් තියෙන්නේ.
එසේ නියෝජනයක් සිදු වන්නේ නම් ඒ දිස්ත්රික්කයට වාසියක් වනු ඇත. ජාතික ලැයිස්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය නියෝජිතයන් ගාල්ල දිස්ත්රික්කයේ අයද සිටින නිසා එවැනි අවස්ථාවක් වුවත් නොගත යුතු යන තීරණය මා විසින් සටහන් කරන්නේ ඊටත් වඩා බරපතල රටේ ඇතිවන ආර්ථික ඛේචවාචකයෙන් ගොඩගැනීමට හැකි එකම ඉතාම සුදුසු වගකිව යුතු පුද්ගලයා කෙනා රනිල් වික්රමසිංහ මැතිතුමා බවයි.
රටට ඇති වී තිබෙන බරපතල ඛේදවාචකයෙන් බේරා ගැනීමට සුදුසුම පුද්ගලයා රනිල් වික්රමසිංහ මැතිතුමායි….
අප මතක තබා ගත යුතු ප්රධාන කාරණය නම් වැටුණු පක්ෂයක් අනාගතර පරපුරට ලබා දෙනවා වෙනුවට නැගිට්ටවූ පක්ෂයක් අනාගත පරපුරට ලබා දිය යුතු බවයි.
එම නිසා එක්සත් ජාතික පක්ෂය ලබන වර්ෂය තුළ මහජනතාවට සහ පාක්ෂිකයන්ට ඇති වන තත්වය අවබෝධ කර ගැනීමට කාලසීමාව ලබා දීම කළ යුතු අතර මේ කරන ලද බරපතල ඛේදවාචකය මහා අවාසනාවන්ත තත්වයක් බව ප්රකාශ කරමි.
එක්සත් ජාතික පක්ෂය නැති කළේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පරිස්මයි.
අපේම පක්ෂයේ ඇතැම් පිරිස් 2015 ජනවාරි 08 වෙනිදා බලය ලබා ගන්නා අවස්ථාවේදීද රාජපක්ෂ පාලනය පරාජය කළ නොහැකියි කියා සටන් පාඨ කියමින් හැසිරෙන අවස්ථාවක එය පරාජයකොට එක්සත් ජාතික පක්ෂය බලය ලබා ගෙන එවැනි අයටද මැති ඇමතිකම් ලබා දී තවදුරටත් ඉදිරියට යාමට අවස්ථාව සලස්වා දෙන ලදී.
එක්සත් ජාතික පක්ෂයේ අතැම් දේශපාලන උපක්රම ප්රසිද්ධියේ ප්රකාශ කිරීමට නොහැකි වුවත් ඒ නිසා තමයි 2015 වන විට සමාජ මතයක් තිබුනු ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා මේ රටේ සියළු බලවේග ඒකරාශී කොට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා අවශ්ය පියවර ගනිමින් ඉදිරියට ගමන් කළේ. ඒ වර්ෂ කීපය තුළ සම්පූර්ණයෙන් අහෝසි කර ගැනීමට අපොහොසත් වුවත් පාස්කු ප්රහාරයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට අමාරු තත්වයක් උදාවන බව දැන සිටිමින් ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ගෙන එන අවස්ථාවේදී ඔය සමගි ජනබලවේගයේ නායකයන් හැසිරුණු ආකාරය සත්තු මෙන් හැසිරුණු අවස්ථාව මට මතකයි. එදා ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ සියළු දෙනා සහයෝගය ලබා දුන්නා නම් අදටත් දේශපාලන උපක්රමයක් ලෙස එක්සත් ජාතික පක්ෂය බලයේ රැඳෙනු ඇත. එය පරාජය කරන ලද සියළු ජන කොටස් ඇතුලත්දේශපාලන පක්ෂ සියල්ලක්ම ඒ සඳහා වගකිව යුතුය. ඒ කරන ලද කාර්යයයේ අනිටු ප්රතිපල ඔවුන් විසින් භුක්ති විඳිනු ඇත. එය ජාතියටද බලපානු ඇත. එහෙනම් එක්සත් ජාතික පක්ෂයෙව් උපක්රම උපායන් කඩාකප්පල් කළ සියළු දෙනා රට පත්වී ඇති තැනට වගකිව යුතුය. ඔවුන් කිසිවෙකුට සමාව නොදිය යුතුය. අහිංසක පාක්ෂිකයන් සියළු දෙනා ඒ පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කළ සියළු ජනතාවට සමාව දෙමින් ඒ සියළු දෙනා එක්සත් ජාතික පක්ෂය වටා එකතු කරගනිමින් අනාගතයේ මේ රටට ඇති වී තිබෙන බරපතල ඛේදවාචකයෙන් බේරා ගැනීමට රනිල් වික්රමසිංහ මැතිතුමාට හැකි වනු ඇත.






















