ප්රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් පැන ගියේ ඇයි ? – මාධ්ය ප්රකාශකගෙන් පිළිතුරු
කොවිඩ් -19 අවදානම හේතුවෙන් ප්රතිකාර මධ්යස්ථානවල සිටින පිරිස් පැන යන්නේ මානසික ආතතිය හේතුවෙන් නිසා බව පොලිස් මාධ්ය ප්රකාශක, නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අද (26) උදෑසන විකාශය වූ ‘දෙරණ අරුණ’ වැඩසටහනේදී අසන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේය.
එහිදි ප්රශ්න කෙරුණේ වාලච්චේනි පුනානි කොරෝනා ප්රතිකාර මධ්යස්ථානයේ ප්රතිකාර ලබමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු එයින් පැනයමින් සිටියදී අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය පිළිබඳවය.
“රැකියාවට බැඳෙනකොට හොඳ මානසික තත්ත්වයක් තියෙනවා. නමුත් පහු වෙනකොට යම් යම් හේතුමත වෙනස් වෙනවා. ඇතැම් වෙලාවට මෙවැනි අය ඉන්නවා. ඉතින් ඔහු එවැනි පුද්ගලයෙකු බවටයි වාර්තා වෙන්නේ. මීට පෙරත් එවැනි අයෙක් කළුතරදී අපි අත්අඩංගුවට ගත්තා. නිරෝධානය මධ්යස්ථානවලින් පැනගිය අය 05 දෙනෙකු විතර ඉන්නවා මේ කාලය තුළ. නිරෝධායන මධ්යස්ථානවලින් පැන ගිය සාමාන්ය අයට ලිහිල් ලෙස කටයුතු කරනවා. නමුත් පොලිස් නිලධාරියෙකුට අපි ඒ තත්ත්වයෙන් සළකන්නේ නෑ. ඔවුන්ට අනිවාර්යයෙන්ම විනයානුකූල ක්රියාමාර්ග ගන්නවා,” යනුවෙන් ද පොලිස් මාධ්ය ප්රකාශක, නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.






















