Saturday, October 24, 2026
HomeNEWSLatest Newsතැන තැන හමුවූ කොවිඩ් රෝගීන්

තැන තැන හමුවූ කොවිඩ් රෝගීන්

තැන තැන හමුවූ කොවිඩ් රෝගීන්

කොළඹ අබ්දුල් හමීඩ් මාවතෙන් දස දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ, අද (28) එම ප්‍රදේශයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණයේදීය.

මේ අතර, හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයන් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ සමගම අදාළ කර්මාන්ත ශාලාව වසා දැමුණු බවය.

එහි සමහරු රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි පිරිසක් ආශ්‍රයකර ඇති බැවින් ඔවුන්ගෙන් මොවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට සැකකරන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළහ.

එමෙන්ම රුවන්වැල්ල අඟුරුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර සිදුකළ වෛද්‍යවරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහුගෙන් දිනකට රෝගීන් 100 ක් පමණ ප්‍රතිකාර ලබාගෙන ඇති බවය.

එම ස්ථානයේ නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් ක්‍රියාත්මක කර නොමැති බව ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

මේ අතර, සීතාවක ආයෝජන කලාපයේ තවත් 11 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි.

මේ අතර මහනුවර මහ රෝහලේ වෛද්‍යවරයෙක් , හෙදියන් 07 ක් ඇතුළු කාර්ය මණ්ඩලයේ 15 දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අකුරණ ප්‍රදේශයේ සංචරණ සීමා කර ඇති  බුලුගෝතැන්න හා තෙලඹුගහවත්ත යන ප්‍රදේශවල තවත් පුද්ගයන් 18කට වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img