Tuesday, August 11, 2026
HomeNEWSLatest Newsව්‍යවසායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ කොළඹ...

ව්‍යවසායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ කොළඹ විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ව්‍යවසායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සහ කොළඹ විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

කර්මාන්ත අමාත්‍යාංශයට අනුබද්ධිත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් තෝරා ගනු ලබන ව්‍යවසායකයින් පුහුණු කිරීම සම්බන්ධව කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අද (07) 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

පළමු අදියර යටතේ තෝරාගත් ව්‍යවසායකයින් 50 දෙනෙක් මෙම පුහුණු වැඩසටහනට යොමු කෙරේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර ආශ්‍රිතව මුල්‍ය සාක්ෂරතාවය පිළිබද දැනුම ලබාදීම, වෙළදපොළ ගුණාත්මකභාවය පවත්වාගෙන යෑම, ව්‍යාපෘති යෝජනා සැකසීම ඇතුළු ව්‍යවසායකන්ට අවශ්‍ය කරන න්‍යායික සහ ප්‍රායෝගික දැනුම නොමිලේ ලබාදීම මෙම පුහුණු වැඩසටහනේ අරමුණ ය. 

මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ, අප රටේ විශ්ව විද්‍යාල ව්‍යවසායකයින් සමග එක්ව කටයුතු කිරීමට තීරණය කිරීම අතිශය වැදගත් බව ය. ඒ සදහා මෙවැනි අලුත් සංස්කෘතියක් නිර්මාණය වීමේ වැදගත්කම පිළිබදව ද අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර මේ සදහා සිය සහයෝගය ලබාදීමට තීරණය කළ කොළඹ විශ්ව විද්‍යාලයට සිය කෘතවේදීත්වය ද පිරිනැමීය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන ආලෝක වාහලවත්ත, නිෂාද් බුද්ධික, කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ මුල්‍ය පීඨයේ පීඨාධිපති එම්.පී.පී ධර්මදාස, ජේෂ්‍යඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොලොම්බියාවේ භූමිකම්පාවක්.. 77 දෙනකු මරුට

කොලොම්බියාවේ සිදුවූ රික්ටර් මාපක 7.4 ක භූකම්පනයකින් 77 දෙනෙකු, දැනට අවම වශයෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාගරට ඇප… විදෙස් ගමන් තහනම්

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග...

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img