Tuesday, August 11, 2026
HomeNEWSLatest Newsගන්ධර ධීවර වරාය ඉදිකිරීම ඇරඹෙයි

ගන්ධර ධීවර වරාය ඉදිකිරීම ඇරඹෙයි

ගන්ධර ධීවර වරාය ඉදිකිරීම ඇරඹෙයි

ගන්ධර ධීවර  වරායේ ඉදිකිරීම් කටයුතු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන්  ඊයේ 2020.12.06 දින ආරම්භ විය.

යෝජිත ධීවර වරාය තුළ මීටර් 300 කින් යුතු ප්‍රධාන දියකඩනයකින් සැදුම්ලත් වරාය තුළින් බහුදින යාත්‍රා 400 පමණ ධීවර කටයුතු සඳහා සෙත සැළසෙනු ඇත.

යෝජිත  ධීවර වරාය ඉදි කිරීම තුළින් විශාල ධීවරයින් පිරිසකට ජීවනෝපාය සැලසෙන අතර ඒ  තුළින් ධීවර ප්‍රජාවගේ ධීවර කටයුතු වඩා ඵලදායී වනු ඇත.

මාස 36 කින් මෙහි ඉදි කිරීම් අවසන් කිරීමට නියමිත අතර ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 6667 කි.

එහිදී අග්‍රාමාත්‍යතුමා මෙලෙස අදහස් පළ කළේය,

ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට මා අද එක්වන්නේ ඉතාම සංතෝෂයෙන්. අපි ඉතිහාසය පුරා ධීවර ප්‍රජාව වෙනුවෙන් කළ මෙහෙවරට අද තවත් අලුත් පරිච්ඡේදයක් එක්වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, රට හමුවේ තැබු සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ පැහැදිලිව ධීවර ප්‍රජාවේ දියුණුව අපේක්ෂා කර තිබෙනවා. මුළු රටේම ධීවරයන් නගා සිටුවමින් ඔවුන්ගේ පවුල ශක්තිමත් කිරීමත් එහි අන්තර්ගතයි. ගන්දරට විශාල අඩුවක්ව තිබුණෙ ධීවර වරායක් ඉදිකර ගැනීම, මේ ප්‍රදේශයට ධීවර වරායක් ලැබෙනවිට එමඟින් ධීවර ප්‍රශ්න රාශියක් නිරාකරණය වෙනවා.

ධීවරයා රැකගත යුතුයි කියන ස්ථාවරයේ අපි කවදත් හිටියා. ඒ නිසාම ඉතිහාසය දන්න අය දන්නවා රාජපක්ෂවරුන් සහ ධීවරයන් අතර බැදීම කොතරම්ද කියලා. ලංකාව තුළ ධීවර වරායන් වැඩිම ගණනක් ඉදි කළේ 2005-2015 අපේ ආණ්ඩු කාලයේදි. ඒ කාලයෙදිත් අද වගේම ධීවරයින් වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම සහන දෙන්න අපි කටයුතු කළා. ධීවරයන්ට තාක්ෂණික දැනුම දුන්නා. දැන් අපට අවශ්‍ය වන්නේ එතැනින් ඉදිරියට ඔබව රැගෙන යාමයි.

2005-2015 කාලයේ ධීවරයින් ආදයම් බද්දෙන් නිදහස් කරන්න අපි කටයුතු කළා. නමුත් 2016 වර්ෂයේ යහපාලන ආණ්ඩුව ධීවරයින් වෙනුවෙන් නැවතත් ආදායම් බදු පැනෙව්වා. මෙවර අය වැය තුළින් අපි නැවතත්, ඉදිරි වසර 5ක කාලය සඳහා ආදායම් බදු වලින් ධීවරයින් නිදහස් කළා.

අනවසර ඉන්දීය ධීවරයන්ගේ ගැටලුවෙන් අපේ ධීවරයන් දිගු කලක පටන් පීඩා විදිනවා. දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුවට කොතරම් පිළියම් සෙව්වත්, නැවත නැවත මෙම අර්බුදය මතුවෙනවා. ඒ නිසා පසුගිය දවසෙ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්ක වීඩියෝ තාක්ෂණයෙන් කතා කරපු වෙලාවේ මම එතුමාගේ අවධානයටත් එය යොමු කළා.  ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් අපේ ධීවරයන්ට ඉතා ළග විසදුමක් ලබා දීමට රජයක් විධියට අපි උනන්දුවෙන් පසුවෙනවා. කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඉදිරියේදී ඒ සදහා සෘජුවම මැදිහත්වන බව මා සමඟ පැවසුවා.

මේ වරායෙ වැඩ අවසන්වනවිට බහුදින යාත්‍රා තුන් හාරසීයක් නවතා තැබිය හැකියි. ඒ විතරක් නෙමෙයි අනෙකුත් කුඩා යාත්‍රා සඳහාත් මෙහි ඉඩක් වෙන් වෙනවා. ධීවර ආම්පන්න සැපයීම ඇතුළු යටතල පහසුකම් මෙන්ම උසස් මත්ස්‍ය නිෂ්පාදනයක් මේ ඔස්සේ ලබා දීම රජයේ සැලසුමයි.

ඒ වගේම මෙම ධීවර වරාය ඉදිවීමත් සමඟ මේ ප්‍රදේශය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වන බව අපට විශ්වාසයි. මුහුදු මඟී ප්‍රවාහනය, කිමිදුම් සංචාරක කටයුතු, පාරිසරික සංචාර ධීවර කටයුතු, වෙරළාරක්ෂක නිරීක්ෂණ මෙහෙයුම් හා ජීවිතාරක්ෂක කටයුතු, ධීවර මෙහෙයුම් හා කළමනාකරණ කටයුතු  වරාය සංවර්ධනයට සමගාමීව මෙම ප්‍රදේශයේ දියුණුවට බලපානවා.

විරුද්ධ පක්ෂය පදනමක් නැති කතා කියමින් මේ දිනවල කිඹුල් කඳුලු හෙලනවා. මම දැක්කා මාලු කන්න එපා කියලා රජය නිවේදනය කරපු ගානට අසත්‍ය ප්‍රකාශ ඔවුන් ඉදිරිපත් කරමින් ඉන්නවා. ධීවර ජනතාව මෙවැනි මඩ ප්‍රචාරවලට අසු නොවන බව අපට විශ්වාසයි. අපට අවශ්‍යය ඔබත් රැකගෙන, ඔබේ කර්මාන්තයත් රැකගෙන රටත් රැකගැනීම බව සිහිපත් කරන්න කැමතියි. අද ආරම්භ කළ ධීවර වරායේ කටයුතු හැකි ඉක්මණින් අවසන් කරලා ඔබට ලබා දෙන්න කටයුතු කරන බව ප්‍රකාශ කරන ගමන් ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාව සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන්වන ඩග්ලස් දේවානන්දා,ඩලස් අලහප්පෙරුම, ජී.එල්.පීරිස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිපුන රණවක, කරුණාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ, ධීවර අමාත්‍යංශ ලේකම් ආර්.එම්.අයි.රත්නායක, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොලොම්බියාවේ භූමිකම්පාවක්.. 77 දෙනකු මරුට

කොලොම්බියාවේ සිදුවූ රික්ටර් මාපක 7.4 ක භූකම්පනයකින් 77 දෙනෙකු, දැනට අවම වශයෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාගරට ඇප… විදෙස් ගමන් තහනම්

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග...

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img