Tuesday, August 11, 2026
HomeNEWSLatest Newsරැකියා ලක්ෂයේ වැඩසටහන භාර කාර්ය සාධක බලකායට වසරක් පිරේ ....

රැකියා ලක්ෂයේ වැඩසටහන භාර කාර්ය සාධක බලකායට වසරක් පිරේ ….

රැකියා ලක්ෂයේ වැඩසටහන භාර කාර්ය සාධක බලකායට වසරක් පිරේ ….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වී ඉතා කෙටි කලකින් සැලසුම් කළ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන භාර බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව පිහිටුවා හෙටට (09) වසරක් පිරේ. 

රැකියා ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මේ වසරේ ජනවාරි 20 වනදා ඇරඹිණ. පුවත්පත්වල පළ කළ දැන්වීම් මගින් රැකියා අපේක්ෂිතයන්ගෙන් අයැදුම්පත් කැඳවනු ලැබීය. අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් දිස්ත්‍රික් කාර්යාල වෙත ගෙන්වා අයැදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට භාජන කොට සුදුස්සන් තෝරා ගැනීම සිදු විය. ඔවුන්ගෙන් ප්‍රථම කණ්ඩායමට පත්වීම් ලිපි ප්‍රදානය ඔක්තෝබර් 19 වනදා ආරම්භ කෙරිණ. දැනට එසේ තෝරා ගනු ලැබූ 34,818 දෙනෙක් පුහුණුව ලබමින් සිටිති. 

අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් වර්ධනය, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිදුකම පිටුදැකිම සහ ආදායම් විසමතා සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම වැඩසටහනේ අවසාන ඉලක්කයයි. 

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රථම සංවත්සරය නිමිත්තෙන් පසුගිය සතියේ උතුරු පළාතේ යාපනය, මුලතිව්, කිලිනොච්චි, වව්නියා සහ මන්නාරම යන සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ලේ දන් දීමේ ව්‍යාපාරයක් සංවිධාන කෙරිණ. එකී දිස්ත්‍රික්කවල බහුකාර්ය සහයකයෝ ඊට දායක වූහ. කොවිඩ් 19 වසංගතය හමුවේ දිවයිනේ ලේ බැංකුවල පහත බැස තිබූ ලේ සංචිත ඉහළ නැංවීම එහි අරමුණ විය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු-දිනන දකුණ

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු! මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී...

ජනපති හා නීතිඥ සංගමය අතර සාකච්ඡාව හෙට(12)

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහාවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)...

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ප්‍රකට හොලිවුඩ් නිළියකගෙන් ප්‍රශංසා

"ශ්‍රී ලංකාවේ බිම්බොම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථකයි."සම්මානනීය හොලිවුඩ් නිළි රෝසමන්ඩ් පයික්. ලෝකප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් (Rosamund Pike)...

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 22ක පරාජය කිරීමට දිවි හිමියෙන් කටයුතු කරනවා- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් (10) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img