Monday, August 10, 2026
HomeNEWSකඩවත - මීරිගම අධිවේගයේ ඉදිකිරිම් පමාවීම ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

කඩවත – මීරිගම අධිවේගයේ ඉදිකිරිම් පමාවීම ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

කඩවත සිට මීරිගම දක්වා වන අධිවේගී මාර්ගයේ කටයුතු මන්දගාමී වීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස මහාමාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉදිකිරිම් කටයුතු මන්දගාමීව සිදුවුවද දෙවන ගෙවීම් සිදුකරන ලෙස ඉල්ලීමක් කරඇති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය වී ඇති අතර වහාම එම ගෙවීම් සිදුනොකරන ලෙස ද එහිදී අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

සංවර්ධන කටයුතු නිසි ලෙස සිදුනොවන ව්‍යාපෘතීන්ට මුදල් නොගෙවන ලෙස ජනාධිපතිවරයා තමාට උපදෙස් ලබාදී ඇති බව එහිදී අමාත්‍යවරයා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියාසිටියේ එම මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සොයා බැලීම සඳහා කඩිනමින් එහි සංචාරයක නිරත වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සාගරට ඇප… විදෙස් ගමන් තහනම්

අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග...

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img