Monday, August 10, 2026
HomeNEWSඅත්අඩංගුවට ගත් රේස් යතුරුපැදි ගැන රස පරීක්ෂක වාර්තා කැඳවයි

අත්අඩංගුවට ගත් රේස් යතුරුපැදි ගැන රස පරීක්ෂක වාර්තා කැඳවයි

මිරිහාන පොලීසිය විසින් සිදුකළ වැටලීමකින් අනතුරුව රේස් පැදීමට සුදානම් කර තිබු යතුරුපැදි 26ක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් භාරයට ගත් යතුරුපැදි 10ක චැසි අංක වෙනස් කර දේශීයව නැවත සකස් කර ඇති බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පසුගිය සිකුරාදා දින මොරටුව, එගොඩ උයන ප්‍රදේශයේ සිදුවු රියඅනතුරකින් කුඩා දියණියන් දෙදෙනෙක් මියගොස් ඔවුන්ගේ මව බරපතළ තුවාල ලැබීමේ සිදුවීම මුල්කර ගනිමින් එම වැටලීම් සිදුකර තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“මිරිහාන පොලීසිය විසින් පසුගිය ඉරිදා දින සවස් කාලයේ දී යතුරුපැදි 26ක් පමණ පොලිස් භාරයට ගනු ලැබුවා රේස් පැදීමට සුදානම් කර තිබිය දී. මෙම යතුරුපැදි ඊයේ දිනයේ දී මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රථ වාහන පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණය සඳහා යොමුකර තිබෙනවා. එම නිරීක්ෂණයෙන් පසුව වාර්තා වී ඇත්තේ එම යතුරුපැදි 26න් යතුරුපැදි 10ක චැසි අංක දේශීය වශයෙන් සකස් කරන ලද ඒවා බවයි. ඒවා වෙනස් කර ඇති බවයි. ඒ අනුව මෙම යතුරුපැදි රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියමිතව තිබෙනවා. මෙම පරීක්ෂාව සමග මෙම යතුරුපැදි ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට පෙනී යනවා.මේ පිළිබඳව මිරිහාන පොලීසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. අදාළ යතුරුපැදි 26න් 10ක් රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.“

මේ අතර එම යතුරුපැදි හිමිකරුවන්ට ඉදිරියේ දී අදාළ නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු...

පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට එන්න… උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

2026 - අ.පො.ස. උසස් පෙළ විභාගය අද (10) පෙ.ව 8.30 ට විභාග මධ්‍යස්ථාන 2,532 කදී ආරම්භ වේ. සියලුම සිසුන් වලංගු හැඳුනුම්පතක් සමඟ පැයකට පෙර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img