Monday, August 10, 2026
HomeNEWSමහර බන්ධනාගාර ගැටුම පිළිබඳව තවත් පිරිසකගෙන් ප්‍රකාශ ගනී

මහර බන්ධනාගාර ගැටුම පිළිබඳව තවත් පිරිසකගෙන් ප්‍රකාශ ගනී

මහර බන්ධනාගාර සිද්ධියට අදාළ නඩුව අද (09) දිනයේ යළි කැඳවීමට නියමිතව තිබේ.

ඊයේ (08) දිනයේ එම නඩුව වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

අදාළ සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරි මණ්ඩලයක් විසින් සිදුකළ යුතු බවට ඊයේ දිනයේ අධිකරණයට කරුණු වාර්තා කෙරුණි.

ඒ අනුව එම කරුණු දැක්වීමට අදාළ තීන්දුව අද දිනයේ ලබාදීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.

මහර බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වු රැඳවියන් 11 දෙනාගෙන් 7 දෙනෙකුගේ අනන්‍යතාවය මේ වන විට තහවුරු කරගෙන ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් 165කගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

බන්ධනාගාර නිලධාරින්, රැඳවියන්, වෛද්‍යවරුන් සහ හෙද නිලධාරින්ගෙන් එම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගොවි විරෝධතාවයක් හේතුවෙන් අම්බලන්තොට උණුසුම්

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට දිනෙන් දින එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින්...

පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත කැඳවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අත්අඩංගුවට ගැනේ.-පොලිසිය

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු...

පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට එන්න… උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

2026 - අ.පො.ස. උසස් පෙළ විභාගය අද (10) පෙ.ව 8.30 ට විභාග මධ්‍යස්ථාන 2,532 කදී ආරම්භ වේ. සියලුම සිසුන් වලංගු හැඳුනුම්පතක් සමඟ පැයකට පෙර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img