මැදපෙරදිග රැකියා සඳහා ගොස් මෙරටට පැමිණිමට නොහැකිව සිටි ශ්රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
විදෙස් රටවල රැඳී සිටි ශ්රී ලාංකිකයින් 655 දෙනෙකු මෙලෙස අද (09) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පරිශ්රය වෙත පැමිණි බව “අද දෙරණ“ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.
සෞදි අරාබියේ රැඳී සිටි 293 දෙනෙකු, දෝහා හි රැඳී සිටි 111 දෙනෙකු, ඩුබායි හි රැඳී සිටි 191 දෙනෙකු හා මාලදිවයිනේ රැඳී සිටි 60 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් සියලු දෙනා පී.සී.ආර් පරික්ෂණ සඳහා භාජනය කිරීමෙන් පසු නිරෝධායන ක්රියාවලිය සඳහා යොමු කළ බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.






















