Monday, August 10, 2026
HomeNEWSLatest Newsසුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2.3ක බදු පොල්ලක්

සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2.3ක බදු පොල්ලක්

සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2.3ක බදු පොල්ලක්

පසුගිය 2019 දෙසැම්බර් වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 කාල සීමාවක් සඳහා ලැබීමට නියමිත හිඟ බදු මුදල රුපියල් මිලියන 2,376.2ක් බව ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී අනාවරණය වී තිබේ. 

2019 දෙසැම්බර් 31 වන දිනට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 05 ඉක්මවා ලැබීමට නියමිතව නිබූ හිඟ බදු මුදල් එකතුව රුපියල් මිලියන 479.9 වූ අතර, එහි ප්‍රමාද ගාස්තුව පමණක් රුපියල් මිලියන 1896.3කි. 

එම හිඟ ආදායම් නොපමාව අයකර ගැනීමට කටයුතු කළ යුතු බව මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගිණූම් කාරක සභාව අවධාරණය කර සිටියේය. 

මෙම හිඟ බදු මුදල් අයකර ගැනීමට අවශ්‍ය නෛතික කටයුතු සිදුකරගෙන යමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරින් ගිණූම් කාරක සභාවට දැන්වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් පසුගිය වසර 05 තුළ වැටලීම් 224,737 සිදුකර ඇති අතර, ඉන් වැටලීම් 53,848ක් 2017 වර්ෂයෙත්, වැටලීම් 49,278ක් 2018 වසරේත්, 2019 වසරේ වැටලීම් 47,391 ද සිදුකර ඒ සඳහා නීති ක්‍රියාමාර්ග වෙත යොමුකර ඇති බව ගිණුම් කාරක සභාවේ දී අවධානයට යොමු වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු...

පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට එන්න… උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

2026 - අ.පො.ස. උසස් පෙළ විභාගය අද (10) පෙ.ව 8.30 ට විභාග මධ්‍යස්ථාන 2,532 කදී ආරම්භ වේ. සියලුම සිසුන් වලංගු හැඳුනුම්පතක් සමඟ පැයකට පෙර...

ඒකාධිපති ආඥාදායක පාලනයක් රටේ ස්ථාපිත වෙනවා – විපක්ෂ නායක සජිත්

‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’කෙසේ වෙතත් ඒකාධිපති ආඥාදායක පාලනයක් නම් රටේ ස්ථාපිත වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අප රටේ බරපතල ව්‍යාකූලත්වයක්...

අරගලය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තේ නිවටකමකට කියලා ආණ්ඩුව හිතනවා නම් ඔවුන්ට වැරදිලා- නාමල්

අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා අපි ජීවිත නැති කරලා, දරුවෝ මරලා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුවක් රකින්න අපි ගියේ නෑ -නාමල් රාජපක්ෂ අපිටත් තිබ්බා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img