Monday, August 10, 2026
HomeNEWSLatest Newsපුද්ගලික බස්රථයක ආ කොවිඩ් රෝගියා

පුද්ගලික බස්රථයක ආ කොවිඩ් රෝගියා

පුද්ගලික බස්රථයක ආ කොවිඩ් රෝගියා

ආසාදිතයින් කිහිපදෙනකු හමුවීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ කුරේ පාර ප්‍රදේශයේ සංචරණ සීමා පනවා තිබේ.

PCR පරීක්ෂණයට ලක්ව සිටි කළුතර දකුණ පොලිස් වසමේ කුරේ පාරේ පදිංචි අයෙකු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇත.

පසුව එම පුද්ගලයා සොයා නිවසට යෑමේ දී ඔහු නිවසේ නොසිටි අතර, සොයා බැලීමේ දී කොළඹ ප්‍රදේශයේ පුද්ගලික පාසලක කාර්යාලයේ සේවය නියුතු අයෙක් බවට වාර්තා වී තිබේ.

එම ආසාදිත පුද්ගලයා බස් රථයකින් නැවත නිවස බලා පැමිණෙමින් තිබිය දී සෞඛ්‍ය අංශ සහ කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් බස්රථය නවතා ආසාදිතයා සොයා ගෙන ඇත.

බස් රථයේ සිටි පිරිස බිෂබීජහරණය කර ඇති අතර, ආසාදිත පුද්ගලයා මුදල් හුවමාරු කළ කොන්දොස්තරවරයා නිරෝධායනයට යොමුකර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වු කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු මහතා,

“පීසීආර් පරීක්ෂණයට ලක්කළ පොසිටිව් පුද්ගලයෙක් රෝහල්ගත කරන්න නිවසට ගියා. ඒ අවස්ථාවේ දී ඔහු නිවසේ සිටියේ නෑ. හේතුව බැලුවහම ඔහු කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක සේවය කරන පුද්ගලයෙක්. අපි විමසීමේ දී ඔහු පෞද්ගලික බස්රථයකින් කොළඹ සිට ඔහුගේ ගම්බිම්බලා එනවා. අපි බස්රථය නවත්වා බස් රථයෙන් ඔහුව බස්සවා ගත්තා. මේ පුද්ගලයාගේ ගමේ තවත් කොවිඩ් රෝගීන් හමුවීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ කුරේ පාරේ ගමනාගමනය සීමා කරලා තියෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු...

පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට එන්න… උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

2026 - අ.පො.ස. උසස් පෙළ විභාගය අද (10) පෙ.ව 8.30 ට විභාග මධ්‍යස්ථාන 2,532 කදී ආරම්භ වේ. සියලුම සිසුන් වලංගු හැඳුනුම්පතක් සමඟ පැයකට පෙර...

ඒකාධිපති ආඥාදායක පාලනයක් රටේ ස්ථාපිත වෙනවා – විපක්ෂ නායක සජිත්

‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’කෙසේ වෙතත් ඒකාධිපති ආඥාදායක පාලනයක් නම් රටේ ස්ථාපිත වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අප රටේ බරපතල ව්‍යාකූලත්වයක්...

අරගලය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තේ නිවටකමකට කියලා ආණ්ඩුව හිතනවා නම් ඔවුන්ට වැරදිලා- නාමල්

අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා අපි ජීවිත නැති කරලා, දරුවෝ මරලා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුවක් රකින්න අපි ගියේ නෑ -නාමල් රාජපක්ෂ අපිටත් තිබ්බා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img