Monday, August 10, 2026
HomeNEWSLatest Newsදේශීය දැණුමට නිගා කරන්න එපා - බලශක්ති අමාත්‍ය

දේශීය දැණුමට නිගා කරන්න එපා – බලශක්ති අමාත්‍ය

දේශීය දැණුමට නිගා කරන්න එපා – බලශක්ති අමාත්‍ය

ඊයෙ තම්බපවනි විදුලි බලාගාරය සුළං විදුලි උද්‍යානය විවෘත කිරීමත් සමග එහිදී අවධානය යොමු වියයුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ වන විට ඉතාම අධික මිල ගණන් ගෙවමින් තමයි ඩීසල් වලින් නිෂ්පාදනය කරන විදුලි ඒකක මිල දී ගන්නේ. එක පැත්තකින් ඩීසල් විදුලි බලාගාර නිසා පරිසරයට දැවැන්ත තර්ජනයක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් පාරිභෝගිකයාට එක්කෝ සෘජු හෝ විදුලි බිල වැඩි කිරීමේ අවධානමක් තියෙනවා. නැත්තං ඉතින් ජනතාව තමයි බදු මුදල් හරහා ඒ පිරිවැය දරන්නේ. ඉතා වැදගත් කාරණය තමයි තම්බපවනි සුළං විදුලි උද්‍යානය හරහා නිෂ්පාදනය කරන විදුලි ඒකකයක පිරිවැය වන්නේ රුපියල් නවයකට ආසන්න ගණනක්. දැනට විවිධ මිලගණන් වලට ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කරනවා. එයින් සමස්ත විදුලි නිෂ්පාදනයේ සාමාන්‍ය මිල ගත්තොත් රුපියල්විසිතුනක්. එතකොට රුපියල් 23 සාමාන්‍ය වූ ලංකා විදුලිබල මණ්ඩලය විදුලි නිෂ්පාදන පද්ධතියට රුපියල් 9ක අඩු මුදලකට නැතිනම් ඩොලර් සත 5 ක් වැනි අඩු මුදලකට විදුලිය නිෂ්පාදනය කර ගැනීමට හැකි විදුලි පද්ධතියක් එකතුවීම ම පරිසරයට වගේම පාරිභෝගිකයාටත් දැවැන්ත සහනයක්ලබා දෙන දෙයක්. ඒ වගේම සියඹලාණ්ඩුවේ තවත් මෙගාවොට් සීයක් සූර්ය බලයෙන් විදුලි නිෂ්පාදන කිරීම අපි දැන් ආරම්භ කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. මේ සියල්ල එකට ගත්විට 2030 වන විට පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය70% දක්වා ගෙනයාමට අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ සෞභාග්‍යය දැක්ම අනුව ජනතාවට දුන් ප්‍රතිඥාව යථාර්ථයක් කරමින් තියෙනවා කියන එක තමයි මෙයින් පෙන්නුම් කරන්නේ.

ඒ වගේම අපි දැක්කා දේශීය දැනුම ලබා ගන්නා ක්‍රම පිලිබදව අනවබෝධයෙන් කටයුතු කරන බටහිර ගැති නිසාම බටහිර විද්‍යාත්මක චින්තනයෙන් පමණක් සියල්ල දකින්න උත්සාහ කරන විපක්ෂය අපේ දේශීයව සොයා ගන්නා බෙහෙත් වර්ග ගැන උපහාසයට අපහාසයට ලක් කරනවා.  ඔවුන් විද්‍යාව ලෙස දකින්නේ බටහිරෙන් ඇතිවෙච්ච විද්‍යාව පමණයි. අපි ඊට වඩා දියුණු දැනුම ලබාගැනීමේ ක්‍රම තියෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික දැනුම ලබාගැනීමේ ක්‍රම තියෙනවා. ඒව ගැන බටහිර විද්‍යාවේ තාම හිතලවත් නෑ. බටහිර විද්‍යාව අපේ සම්ප්‍රදායික දැනුම් පද්ධතිය එක්ක බලද්දි තාම දණ ගාන වයසේ ඉන්නේ. එනිසා අපේ සම්ප්‍රදායික දැනුම් පද්ධතියට ගරහන කෙනෙක් ඉන්නවා නම් ඒ අය ගරහන්නේ මේ ජාතියේ අභිමානයට කියන එක විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපි සිහිපත් කරනවා.

ඒ වගේම අපේ දේශීය වෛද්‍යවරු එකිනෙකට වෙනස් විකල්ප පණහකට ආසන්න බෙහෙත් වර්ග හඳුන්වා දුන්නා කොරෝනා වෛරසයට එරෙහිව. නමුත් මේ බෙහෙත් වර්ග වලට නිසි අවධානයක් නොලැබුණු නිසාත් බටහිර දැනුම් ආධිපත්‍යය ආණ්ඩුව පුරා සිසාරා තියෙන නිසාත් මේ බෙහෙත් වර්ග වලට නිසි අවධානය යොමු වුණේ නෑ. එහි ප්‍රතිඵලයක් නිසාම ලෝක බේරගත් රාජ්‍ය විදිහට ශ්‍රී ලංකාව පත්වීමට තිබූ අවස්ථාව ඇත්තෙන්ම පස්සට ගියා. අදටත් බෙහෙතක් ලෝකෙ නෑ. 

ප්‍රතිශක්තිකරණ එන්නත් කියන්නේ බෙහෙත් නෙවෙයි. එය ඖෂධයක් නොවෙයි. ප්‍රතිශක්ති කරණයෙන් කරන්නේ රෝගය වළක්වා ගැනීමේ හැකියාව වැඩි කිරීම පමණයි. එම නිසා දැන් ලෝකය පුරා හොයාගෙන තියෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ඖෂධයක් වෙන්නේ නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාව වයිරස් ඉදිරියේ අසරණයි.  බැක්ටීරියා වලට බෙහෙත් හොයා ගත්තට  වෛරස් ඉදිරියේ බටහිර වෛද්‍ය විද්‍යාව අසරන වෙලා තියෙනවා.නමුත් වයිරස් වලට ප්‍රතිකාර කරන බෙහෙත් වර්ග දේශීය වෙදකම තුළ තියෙනවා. ඒ නිසා තමයි මේ දේශීය ඖෂධ වලට ලෙඩේ හොඳ කරන්නත්, ලෙඩේ හැදීමේ අවස්ථාව වැළැක්වීමත් කියන කාරණා දෙකම කරන්න පුළුවන්. බටහිර රටවල් අද කතා කරන ප්‍රතිශක්තිකරණ එන්නතට හැකියාව තියෙන්නේරෝගය වැළැක්වීම පමණයි. හැදුනු කෙනෙකුට ඒක ඖෂධයක් වෙන්නේ නෑ. එනිසා මේ දේශීය දැණුමට නිගා කරන්න එපයි කියලා අපි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු...

පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට එන්න… උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

2026 - අ.පො.ස. උසස් පෙළ විභාගය අද (10) පෙ.ව 8.30 ට විභාග මධ්‍යස්ථාන 2,532 කදී ආරම්භ වේ. සියලුම සිසුන් වලංගු හැඳුනුම්පතක් සමඟ පැයකට පෙර...

ඒකාධිපති ආඥාදායක පාලනයක් රටේ ස්ථාපිත වෙනවා – විපක්ෂ නායක සජිත්

‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’කෙසේ වෙතත් ඒකාධිපති ආඥාදායක පාලනයක් නම් රටේ ස්ථාපිත වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අප රටේ බරපතල ව්‍යාකූලත්වයක්...

අරගලය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තේ නිවටකමකට කියලා ආණ්ඩුව හිතනවා නම් ඔවුන්ට වැරදිලා- නාමල්

අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා අපි ජීවිත නැති කරලා, දරුවෝ මරලා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුවක් රකින්න අපි ගියේ නෑ -නාමල් රාජපක්ෂ අපිටත් තිබ්බා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img