Tuesday, August 11, 2026
HomeNEWSLatest Newsකොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි 14 දෙනෙකුට කොවිඩ්

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි 14 දෙනෙකුට කොවිඩ්

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි 14 දෙනෙකුට කොවිඩ්

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් 14 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මීට පෙර, එම මුළුතැන්ගෙයින් වාර්තා වුයේ එක් ආසාදිතයෙකු පමණි.

මේ හේතුවෙන් මුළුතැන්ගෙය විෂබීජහරණයට ලක්කර තිබෙන අතර රෝහල සඳහා අවශ්‍ය ආහාර තාවකාලිකව බාහිරින් සපයා ගැනීමට පියවර ගෙන ඇතැයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර දෙහිඕවිට හිඟුරලකන්ද මහ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිසුන්ට නිවාඩු ලබාදීමට විදුහල් පාලනාධිකාරිය අද පියවර ගත්තේය.

ඒ, එම ශ්‍රේණියේ සිසුවෙකුගේ වැඩිමහල් සහෝදරයාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙනි.

සිසුවාගේ පීසීආර් පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමත අතර එහි ප්‍රතිඵල ලැබෙනතුරු විදුහලේ 10 වන ශ්‍රේණියේ සිසුන්ට මෙලෙස නිවාඩු ලබාදී තිබේ.

අදාළ සිසුවා දින 02ක් පාසලට පැමිණ තිබූ අතර ඔහුගේ සහෝදරයා සීතාවක අපනයන සැකසුම් කලාපයේ සේවය කරන බව වාර්තා වේ.‍

මේ අතර වරකාපොළ මූලික රෝහලේ ස්ථාපිත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොවිඩ් ආසාදිතයින් එම මධ්‍යස්ථානයෙන් පළායාමේ සිදුවීම් කිහිපයක් පසුගියදා වාර්තා විය.

මේ හේතුවෙන් එම ආසාදිතයින් 21දෙනෙක් යුද හමුදාව මගින් පාලනය කෙරෙන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට සෞඛ්‍ය අංශ  පියවර ගත්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති හා නීතිඥ සංගමය අතර සාකච්ඡාව හෙට(12)

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහාවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL)...

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ප්‍රකට හොලිවුඩ් නිළියකගෙන් ප්‍රශංසා

"ශ්‍රී ලංකාවේ බිම්බොම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථකයි."සම්මානනීය හොලිවුඩ් නිළි රෝසමන්ඩ් පයික්. ලෝකප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් (Rosamund Pike)...

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 22ක පරාජය කිරීමට දිවි හිමියෙන් කටයුතු කරනවා- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් (10) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

කොලොම්බියාවේ භූමිකම්පාවක්.. 77 දෙනකු මරුට

කොලොම්බියාවේ සිදුවූ රික්ටර් මාපක 7.4 ක භූකම්පනයකින් 77 දෙනෙකු, දැනට අවම වශයෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img