Monday, August 10, 2026
HomeNEWSLatest Newsඅයිතිවාසිකම් භුක්ති විඳිනවා සේම යුතුකම් ඉටුකිරීමට වගබලා ගත යුතුයි -අගමැති

අයිතිවාසිකම් භුක්ති විඳිනවා සේම යුතුකම් ඉටුකිරීමට වගබලා ගත යුතුයි -අගමැති

අයිතිවාසිකම් භුක්ති විඳිනවා සේම යුතුකම් ඉටුකිරීමට වගබලා ගත යුතුයි -අගමැති

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට (10)  යෙදී තිබේ.

1950 වර්ෂයේ දෙසැම්බර් මස 4 වන දින එක්සත් ජාතීන්ගේ 317 වන මහා මණ්ඩල රැස්වීමේ දී ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ප්‍රකාශයට පත්කර කෙරිණි.

එහිදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවේ 423/5 යෝජනාවට අනුව සියලු සාමාජික රටවල් සහ සංවිධාන ජාත්‍යන්තර දිනයක් ලෙස එය අනුමත කර තිබේ.

ඒ අනුව සෑම වසරකම දෙසැම්බර් මස 10 වනදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ලබන අතර සියලු ජනතාවට උපතින්ම මූලික අයිතිවාසිකම්වලට පවතින අයිතිය සහ සමානාත්මතාවය තහවුරු කිරීම මෙම දිනය ප්‍රකාශයට පත්කිරීමේ අරමුණයි.

එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව 1955 වර්ෂයේදී මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගනු ලැබීය.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදට යෙදී ඇති ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අයිතිවාසිකම් භුක්ති විඳින්නා සේම ඒ හා බැඳුණු යුතුකම් ඉටුකිරීමටත් වගබලා ගත යුතු බවය.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ වුවත්, මානව ප්‍රජාවගේ අයිතිවාසිකම් කඩ නොවන පරිදි මුලික අයිතිවාසිකම් මෙන්ම අවශ්‍යතාවන් වෙනුවෙන් රජය කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවිඩයේ දැක්වේ. 

ලොවක් වශයෙන් මුහුණ දී ඇති කොවිඩ් වසංගතය පාලනය කිරීමට මෙන්ම රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා අයිතිවාසිකම් දිනා ගනිමින් අවශ්‍ය යුතුකම් ඉටු කිරීමට මෙවර මානව හිමිකම් දිනයේ දී අත්වැල් බැඳ ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඒකාධිපති ආඥාදායක පාලනයක් රටේ ස්ථාපිත වෙනවා – විපක්ෂ නායක සජිත්

‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’කෙසේ වෙතත් ඒකාධිපති ආඥාදායක පාලනයක් නම් රටේ ස්ථාපිත වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අප රටේ බරපතල ව්‍යාකූලත්වයක්...

අරගලය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තේ නිවටකමකට කියලා ආණ්ඩුව හිතනවා නම් ඔවුන්ට වැරදිලා- නාමල්

අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා අපි ජීවිත නැති කරලා, දරුවෝ මරලා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුවක් රකින්න අපි ගියේ නෑ -නාමල් රාජපක්ෂ අපිටත් තිබ්බා...

ජාතික නිවාස වැඩසටහනට රුපියල් මිලියන 44,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

වත්මන් රජයේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 44,000ක් වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි...

බන්ධනාගාර ප්‍රධානීන් ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වු නොසන්සුන්කාරී තත්ත්වයන් පිලිබද සාකච්ඡා කිරීම සඳහා ඊට අදාල සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට නියමිතව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img