Saturday, August 8, 2026
HomeNEWSLatest Newsශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත නව පාසල් ලබාදීම සිදුකෙරෙන ආකාරය

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත නව පාසල් ලබාදීම සිදුකෙරෙන ආකාරය

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත නව පාසල් ලබාදීම සිදුකෙරෙන ආකාරය

මෙවර පැවැත්වූ  ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහි සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත් වූ සිසුන්ට නව පාසල් අයදුම් කිරීමට අදාළ අයදුම්පත් මේ වනවිට දෙමව්පියන් වෙතින් කැඳවා ඇති අතර, ඒ අනුව, සිසුන් අයදුම් කර ඇති පාසල්වල නම් ඇතුළු  අදාළ අයදුම්පත්වල සඳහන් අනෙකුත් තොරතුරු දත්ත පද්ධතියට එක් කිරීම විදුහල්පතිවරුන් විසින් සිදුකරනු ලැබේ.

අද සිට දෙසැම්බර් මස 24 වැනි දා දක්වා කාලය ඇතුළත සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් සියලු විදුහල්පතිවරුන්ට මෙම දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇත. 

මොබිටෙල් ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් රුපියල් මිලියන 7.5 මූල්‍ය පිරිවැයක් දරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මෙම සේවා පහසුකම නොමිළයේ ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න- ඒකාබද්ධ විපක්ෂය මහානාහිමිවරුන්ගෙන් ඉල්ලයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ අද (08) පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු...

ජනතාව සමඟ පාලනය කරන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි කැපවී සිටිනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවෙයි රජය වෙනම ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන රාජ්‍යයක්...

මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙන බව මල්වතු නාහිමියන් පැවසූවා- දිනන දකුණ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය...

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img