Saturday, August 8, 2026
HomeNEWSLatest Newsහිජාස් හිස්බුල්ලා - පෙත්සම සලකා බැලීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඉවත්වෙයි

හිජාස් හිස්බුල්ලා – පෙත්සම සලකා බැලීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඉවත්වෙයි

හිජාස් හිස්බුල්ලා – පෙත්සම සලකා බැලීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඉවත්වෙයි

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (10) ඉවත් විය.

හිජාස් හිස්බුල්ලා මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින නීතිඥ චලන පෙරේරා මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකාබැලීමෙන් ඉවත්වන බවය.

ඒ අනුව, මෙම පෙත්සම ලබන 14 වනදා ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකාබැලීම සඳහා කැඳවන බව ද සභාපති විනිසුරුවරයා නියෝග කළේය.

මේ බව දැනුම් දෙමින් වගඋත්තර කරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ වරුන්ට දැනුම් දුන්නා.

පෙත්සමින් සඳහන් කර තිබෙන්නේ රැදවුම්භාරයේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවීම සඳහා ඉකුත් සැප්තැම්බර් මාසයෙන් පසුව මේ දක්වා ඔහුගේ නීතිඥවරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථාව සලසා දී නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න- ඒකාබද්ධ විපක්ෂය මහානාහිමිවරුන්ගෙන් ඉල්ලයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ අද (08) පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු...

ජනතාව සමඟ පාලනය කරන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි කැපවී සිටිනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවෙයි රජය වෙනම ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන රාජ්‍යයක්...

මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙන බව මල්වතු නාහිමියන් පැවසූවා- දිනන දකුණ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය...

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img