Saturday, August 8, 2026
HomeNEWSLatest Newsවැලිගම ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට සංචරණ සීමා

වැලිගම ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට සංචරණ සීමා

වැලිගම ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට සංචරණ සීමා

මාතර, වැලිගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට තාවකාලිකව සංචරණ සීමා පනවා තිබේ.

ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වීදිය, කොහුණුගමුව, හෙට්ටිවීදිය යන ප්‍රදේශවලට මෙලෙස සංචරණ සීමා පනවා ඇත.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති එම්.එන්.එච් නිහාල් මහතා පවසා සිටියේ වැලිගම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙක් ඊයේ (09) හඳුනාගැනීමත් සමග එම තීරණය ගත් බවය.

වැලිගම නගරයේ අහඹු ලෙස තෝරා ගත් 319 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ අනුව මේ බව තහවුරු වී තිබේ.

“වැලිගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් මේ වන විට රෝහල්ගත කළා. පෞද්ගලික රෝහලක සේවය කරන පුද්ගලයෙක් පොසිටිව් වෙලා ඔහුගේ බිරිඳ මේ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක උගන්වනවා. ඒ අනුව සොයාගෙන ඇවිල්ලා එම පුද්ගලයා සම්බන්ධ නිවාස සියල්ලම නිරෝධායනය කරනවා. එම බිරිඳට රෝගය වැළඳි නැති බව තහවුරු වුණා.“  යනුවෙන් ද එම්.එන්.එච් නිහාල් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න- ඒකාබද්ධ විපක්ෂය මහානාහිමිවරුන්ගෙන් ඉල්ලයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ අද (08) පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු...

ජනතාව සමඟ පාලනය කරන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි කැපවී සිටිනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවෙයි රජය වෙනම ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන රාජ්‍යයක්...

මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙන බව මල්වතු නාහිමියන් පැවසූවා- දිනන දකුණ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය...

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img