Wednesday, August 5, 2026
HomeNEWSLatest Newsකොවිඩ් ආසාදිත මවකට පළමු වරට නිවුන් දරු උපතක්

කොවිඩ් ආසාදිත මවකට පළමු වරට නිවුන් දරු උපතක්

කොවිඩ් ආසාදිත මවකට පළමු වරට නිවුන් දරු උපතක්

කොවිඩ් ආසාදිත 23 හැවිරිදි මවක් නිරෝගී නිවුන් දරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලේදී ප්‍රසූත කර තිබුණි.

දියවැඩියාව හා අධිරුධිර පීඩනයෙන් පෙළීම හේතුවෙන් ඇගේ ප්‍රසූතිය සිදුකෙරුණේ සිසේරියන් සැත්කමක් මඟින්ය.

දරුවන් දෙදෙනා අඩුබරින් උපත ලැබීම හේතුවෙන් නොමේරු ළඳරු ඒකකයක රැඳවිය යුතු වුවත් ඒ සඳහා විධිමත් ස්ථාවර ඒකකයක් රෝහලේ නොමැති වීම ගැටලුවක් බව වෛද්‍යවරු පෙන්වා දෙයි.

මුල්ලේරියාව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා සඳහන් කළේ, මේ දක්වා කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 170 කට වැඩි පිරිසක් මුල්ලේරියාව රෝහලේ ප්‍රසූතිය සිදුකර ඇති බවය.

“අපිට වැඩිම රෝගීන් ගණනක් එන්නේ සොයිසා රෝහලෙන්. 100ක් විතර රෝගීන් ආවා. එකෙන් එක පේෂන් කෙනෙක් බබාලා දෙන්නෙක් දරන් හිටිය අම්ම කෙනෙක්. එයාට දියවැඩියාව තිබුණා සහ ඒ බබාලා දෙන්නා හොඳින් වර්ධනය වෙලා තිබුණේ නෑ. ඒ නිසා ගිය ඉරිදා සවස 5ට 6ට විතර ප්‍රසූත කරන්න වුණා. ඒ වෙලාවේ දී අම්මාගේ පෙෂර් එක නිසා සිසේරියන් සැත්කමකින් ඒ අම්මාව ප්‍රසූත කරන්න වුණා. අම්මාට අවුරුදු 23ක්. සති 37ක ගර්භනී කාලය පහුවෙනවාත් එක්කම බබාලව අපි ගත්තා. ප්‍රසූත කරන වෙලාවේ දී අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය බබාලා පුංචියට හිටියේ. ඔවුන්ව තියන්න මුල්ලේරියාව රෝහලේ නොමේරූ ළඳරු ඒකකයක් නෑ හරියට. ඒ නිසා වෛද්‍ය සමන් කුමාර සහ ඒ අයගේ කණ්ඩායමට එන්න වුණා මේ අය බලන්න. ඒත් එක්කම ඔපරේෂන් එකට විශේෂ වෛද්‍ය රුචිනි හා තවත් පිරිසක් උදව් වුණා.“ 

කෙසේ වෙතත් මේ වන විට දරදරුවන් දෙදෙනා හා මව යහපත් මට්ටමින් සිටින බවත් කොවිඩ් ආසාදිත මවක් නිවුන් දරු උපතක් සිදුකළ පළමු අවස්ථාව මෙය වන බවත් වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ.. පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා එහි ජලය මහවැලි ගඟට මුදා හැරීම හේතුවෙන් උලපනේ, ගෙලිඔය, ගම්පොළ, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල ගඟ දෙපස...

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img