Wednesday, August 5, 2026
HomeNEWSනිරෝධායනය අවසන් කර සිටිය දී මියගිය පුද්ගලයෙක්ට කොවිඩ්

නිරෝධායනය අවසන් කර සිටිය දී මියගිය පුද්ගලයෙක්ට කොවිඩ්

බලපිටිය අහුන්ගල්ල අක්කර 20 ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

එම පුද්ගලයා මීට පෙර කොවිඩ් ආසාදිතව සිට නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක් සහ නිවසේ දින 14ක් නිරෝධායනය අවසන් කළ පුද්ගලයෙකු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඉකුත් දෙසැම්බර් 06 වනදා වනවිට ඔහු නිරෝධායන කාලය සම්පූර්ණයෙන්ම අවසන් කර තිබූ අතර ජීවිතක්ෂයට පත්ව තිබුණේ දෙසැම්බර් 09 වනදා පස්වරුවේය.

දේහය පිළිබඳ ආදාහන කටයුතු බලපිටිය අහුන්ගල්ල ආදාහනාගාරයේදී ඊයේ (11) සිදුකෙරුණි.

කෙසේවෙතත් ඔහුගේ දේහය ආදාහනයට ඥාතීන්ද සම්බන්ධ වී සිටි අතර දේහය රැගෙනවිත් තිබුණේ සාමාන්‍ය රථයකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විමල්, ගම්මන්පිල,සුගීෂ්වර, දිලිත් ඇතුළු හයකට අභියාචනාධිකරණයට වාර්තා කරන ලෙසට නියෝගයක්

සුරේෂ් සලේ සම්බන්ධව, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, දිලිත් ජයවීර ඇතුළු 6 ක් අධිකරණයට අපහාස කර ඇති බැවින්, එය අභියාචනාධිකරණයට වාර්තා කරන ලෙස...

හිටපු අධ්‍යාපන ඇමති අකිල 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග.

පොලිස්පතිට තර්ජනය කළාට විමර්ශන නවත්වන්නේ නෑ- ඇමති ආනන්ද විජේපාල

පොහොට්ටුවේ මහ ලේකම්වරයා පොලිස්පතිට සිදුකළ තර්ජනය නීතියේ ආධිපත්‍යයට සිදු සිදුකළ තර්ජනයක් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ...

පොලිස්පතිතුමනි දේශපාලඥයින්ගේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ

පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා- නාමල් රාජපක්ෂ පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා.මීට පෙර ඔය විදියටම පක්ෂවලට කඩේ ගියපු පොලිස්පතිවරුන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img