Tuesday, August 4, 2026
HomeNEWSගුරුවරියකගෙන් පාසල් ළමුන් දෙදෙනෙකුට කොවිඩ් වැළඳේ

ගුරුවරියකගෙන් පාසල් ළමුන් දෙදෙනෙකුට කොවිඩ් වැළඳේ

හැටන් අධ්‍යාපන කලාපයට අයත්, නෝ(ර්)වුඩ් ප්‍රදේශයේ පාසලක 9 වන ශ්‍රේණියේ සිසුවෙකුට සහ සිසුවියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ඉකුත් නොවැම්බර් 28 හා 30 යන දෙදින පාසලේ ඉගැන්වීම්වල නිරත වූ ගුරුවරියකට හා ඇගේ දරුවන් දෙදෙනාට වෛරසය ආසාදනය වූ අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබුණි.

පසුව එම ගුරුවරියගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් ගුරුවරුන් සහ සිසුසිසුවියන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකර තිබූ අතර මෙම සිසුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනුණේ එහි ප්‍රතිඵල මතය.

මේ අතර, නව ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා පැනවීමට දකුණු පළාත් සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

ඒ අනුව මිලිද්දූව, කෝන්ගහ, තලාපිටිය, දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දෙද්දුගොඩ දකුණ සහ මකුළුව යන ග්‍රාම නිලධාරී වසම්වලට මෙලෙස සංචරණ සීමා පැනවිය.

මේ අතර, හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 179 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ නව ආසාදිතයින් 15 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමගය.

ඒ අතරින් තිදෙනෙකු දැනට තාවකාලිකව වසා දමා තිබෙන තුන්නාන ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ සේවකයිනි.

ගිනිගත්හේන කෙනිල්වත්ත බ්ලැක්වොටර් වතුයායෙන් තවත් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ දක්වා එම වතුයායෙන් ආසාදිතයින් 47 දෙනෙකු වාර්තා වන අතර එම ප්‍රදේශය දැනට පවතින්නේ සංචරණ සීමා යටතේය.

මේ අතර, හොරණ මොරගහහේන කහටපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 8 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී තිබෙන අතර ඉන් 07 දෙනෙකුම එකම පවුලේ සාමාජිකයින් වේ.

එමෙන්ම සේවකයින් 80 දෙනෙකු පමණ සිටින ඉංගිරිය බොරලුගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 6 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ පසුගියදා සිදුකළ අතර ඉන් 5 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මේ හේතුවෙන් අදාළ ආයතනය තාවකාලිකව වසා දැමූ බවයි ප්‍රදේශයභාර සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මේ අතර, කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමග එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 75 දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයින් අතර කොළඹ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයේ සාත්තු සේවිකාවක් සහ වන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img