අග්රාමාත්යතුමා, ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි
ශ්රී ලාංකේය ක්රිකට් වංශ කතාවේ අද්විතීය නාමයක් සනිටුහන් කළ සනත් ජයසූරිය මහතාගේ පියාණන්ගේ දේහයට ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 2020.12.13 පස්වරුවේ අවසන් ගෞරව දැක්වූයේය.
ඩන්ස්ටන් ජයසූරිය මහතා මියයන විට අසූ වැනි වියේ පසුවිය.
මාතර පිහිටි නිවසට ගොස් ඩන්ස්ටන් ජයසූරිය මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අග්රාමාත්යතුමා, සනත් ජයසූරිය මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ ශෝකය බෙදා ගත්තේය.






















