Tuesday, July 28, 2026
HomeNEWSරන්ජන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව - පැමිණිල්ලේ කරුණු පැහැදිලි කර ගැනීමට...

රන්ජන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව – පැමිණිල්ලේ කරුණු පැහැදිලි කර ගැනීමට දින නියම වේ

රන්ජන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව – පැමිණිල්ලේ කරුණු පැහැදිලි කර ගැනීමට දින නියම වේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කරඇති පැමිණිල්ලට අදාළ වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ජනවාරි මස 12 වනදා එම නඩුව කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (18) විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්.තුරයි රාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ මෝසමකට අනුව එම පැමිණිල්ල අද කැඳවනු ලැබීය.

ඒ අනුව පැමිණිල්ලට අදාළ වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීම සඳහා එය ජනවාරි මස 12 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශය තුළින් රංජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය බිඳ හෙළීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කසාවතට මඩ තර්ජන එල්ල වෙලා-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

මෙරට භික්ෂූන් වහන්සේ අප්‍රසාදයට පත්කරමින්, උන්වහන්සේට සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි පරිසරයක් නිර්මාණය කිරීමට අදාළ කුමන්ත්‍රණ ඉදිරියේදී සිදුවිය හැකි බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සභාපති මණ්ඩල...

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය: ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් ජනතා අධිකරණය තිබෙනවා-ගම්මන්පිල

2026 ජූලි 27 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ එහි...

සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්”ජනාධිපති ලේකම් කියයි

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික සුපිළිපන් දිවුරුම ලබා දීම සහ ආචාරධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත් කරමින් ජාතික සුපිළිපන් සතිය ඇරඹේ සුපිළිපන්භාවය යනු කිසිවෙකු ඔබ දෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img