බන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වලට දැනුම්දීමක්
බන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින්ට හෝ හිත මිතුරන්ට, මෙවර නත්තල් දිනයේදී බන්ධනාගාර වෙත ගොස් රැඳවියන් මුණ ගැසීමට අවස්ථාව නොලැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
සාමාන්‍යයෙන් නත්තල් දිනයේදී ඥාතීන්ට රැඳවියන් හමුවී තෑගී බෝග සහ කෑම බීම ලබාදීමට අවස්ථාව හිමිවේ.
නමුත් රට තුළ පැතිරගොස් ඇති කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් මෙවර එම අවස්ථාව මෙවර ලබාදිය නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
මේ දක්වා මෙරට බන්ධනාගාරවලින් කොවිඩ් ආසාදිතයින් 3,279ක් වාර්තාවී තිබේ. ඉන් 2,584 දෙනෙක් රිමාන්ඩ් සැකකරුවන් වේ.
ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 114ක් ද සිටී.
කොවිඩ් ආසාදිතව සිටි නිලධාරීන්ගෙන් 73 දෙනෙක් සහ රැඳවියන්ගෙන් 1,189 දෙනෙක් මේවන විට සුවය ලබා තිබේ.






















