Friday, October 30, 2026
HomeNEWSබන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වලට දැනුම්දීමක්

බන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වලට දැනුම්දීමක්

බන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වලට දැනුම්දීමක්

බන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින්ට හෝ හිත මිතුරන්ට, මෙවර නත්තල් දිනයේදී බන්ධනාගාර වෙත ගොස් රැඳවියන් මුණ ගැසීමට අවස්ථාව නොලැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍යයෙන් නත්තල් දිනයේදී ඥාතීන්ට රැඳවියන් හමුවී තෑගී බෝග සහ කෑම බීම ලබාදීමට අවස්ථාව හිමිවේ.

නමුත් රට තුළ පැතිරගොස් ඇති කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් මෙවර එම අවස්ථාව මෙවර ලබාදිය නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.  

මේ දක්වා මෙරට බන්ධනාගාරවලින් කොවිඩ් ආසාදිතයින් 3,279ක් වාර්තාවී තිබේ. ඉන් 2,584 දෙනෙක් රිමාන්ඩ් සැකකරුවන් වේ.

ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 114ක් ද සිටී.

කොවිඩ් ආසාදිතව සිටි නිලධාරීන්ගෙන් 73 දෙනෙක් සහ රැඳවියන්ගෙන් 1,189 දෙනෙක් මේවන විට සුවය ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු ගැන අවධානය

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති...

“බයිනෑන්ස්” සමාගමේ ඩො:බි: 6.3 ක මුදලක් හැකර්වරුන් සොරා ගැනේ

ක්‍රිප්ටො මුදල් හුවමාරු ජාලයක් වන "බයිනෑන්ස්" සමාගමේ ඩො:බි: 6.3 ක මුදලක් හැකර්වරුන් සොරා ගැනේ. එය මෙතෙක් විශාලතම ක්‍රිප්ටෝ සොරකම ලෙස සැළකෙන අතර, සැකය උතුරු...

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් 8.0% සිට ඔක්තෝම්බර් 8.3% දක්වා ඉහළට. ආහාර උද්ධමනය 8.8% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 8% දක්වාත් ඉහළ යයි:...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img