Saturday, October 31, 2026
HomeNEWSනයිජීරියාවේ සිට අකුරණට එවු පාර්සලය

නයිජීරියාවේ සිට අකුරණට එවු පාර්සලය

නයිජීරියාවේ සිට අකුරණට එවු පාර්සලය

මත්ද්‍රව්‍ය ලෙස ජාත්‍යන්තර වශයෙන් භාවිතා කරන වියළි කොළ තොගයක් නයිජීරියාවේ සිට තැපැල් පාර්සලයක් ලෙස කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත එවා තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය භාරයට ගෙන තිබේ.

හිස කෙස් කළු පැහැ ගැන්වීම සඳහා භාවිතා කරන හෙනා නිෂ්පාදන බව පවසමින් අදාළ පාර්සලය නයිජීරියාවේ සිට මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නමට කටුනායක ගුවන් භාණ්ඩ මධ්‍යස්ථානය වෙත එවා තිබු බව වාර්තා වේ.

මෙම මත්ද්‍රව්‍ය කොළ තොගය ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් වෙත පරීක්ෂා කිරීමට යොමු කර තිබූ අතර එහිදී එය මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබේ.

මෙම  කොළ තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු ගැන අවධානය

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති...

“බයිනෑන්ස්” සමාගමේ ඩො:බි: 6.3 ක මුදලක් හැකර්වරුන් සොරා ගැනේ

ක්‍රිප්ටො මුදල් හුවමාරු ජාලයක් වන "බයිනෑන්ස්" සමාගමේ ඩො:බි: 6.3 ක මුදලක් හැකර්වරුන් සොරා ගැනේ. එය මෙතෙක් විශාලතම ක්‍රිප්ටෝ සොරකම ලෙස සැළකෙන අතර, සැකය උතුරු...

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් 8.0% සිට ඔක්තෝම්බර් 8.3% දක්වා ඉහළට. ආහාර උද්ධමනය 8.8% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 8% දක්වාත් ඉහළ යයි:...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img