Wednesday, July 29, 2026
HomeNEWSමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබී රුපියල් කෝටි 6ක් සොයාගනී

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබී රුපියල් කෝටි 6ක් සොයාගනී

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් සමග හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එක් සැකකරුවෙකු සතුව තිබූ රුපියල් 59,000,000ක මුදලක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කඩුවෙල, මාලබේ හා වැලිවිට යන ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඔවුන් අතර සිදුවන ජාලගත මුදල් සංසරණය පිළිබඳ සොයා සිදුකර ඇති  එම මෙහෙයුමෙන් කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හා 37 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එයින් හේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සතුව තිබී අදාළ මුදල සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගෙන තිබිය දී මෙරට දී අත්අඩංගුවට ගත් විශාලතම මුදල මෙය බව ද සඳහන් කර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, එම මුදල බැංකුවේ තැන්පත් කිරීම සඳහා සැකකරු තිබිය දී මෙලෙස සොයා ගත් බවද පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත එම වැටලීම සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහාසභා රැස්වීමක් අද (29) කොළඹදී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි...

පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට සැලසුම්-ජනපති

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ...

ජපානයේ ප්‍රභල භූ කම්පනයක්..පිරිසක් සිරවෙති

නිරතදිග ජපානයේ හටගත් ප්‍රභල භූ කම්පනයකින් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අතර කඩා වැටුනු සාප්පු සංකීර්ණයක කොටසක පිරිසක් සිරවී සිටින බවට වාර්තා වේ. භූ කම්පනයෙන්...

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img