Tuesday, July 28, 2026
HomeNEWSඋදේ වෙනකොට ගණන් බලබල ඉන්න හිතුනේ නෑ ඇඳේ අනිත් පැත්තට රෝල් වෙලා...

උදේ වෙනකොට ගණන් බලබල ඉන්න හිතුනේ නෑ ඇඳේ අනිත් පැත්තට රෝල් වෙලා නිදා ගත්තා – මංගල

සිංහල බෞද්ධ මතවාදය අසාර්ථක වී ඇති පසුබිමක විපක්ෂයේ ඇතැමුන් සිංහල බෞද්ධ ආණ්ඩු පිහිටුවීමට උත්සහ දරන  බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

“නැවුම් අපේක්ෂාවේ අලුත් ඇරඹුම” නමින් මාතර පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මංගල සමරවීර මහතා,

“ජනාධිපතිවරණයක් තිබුණා මම නියෝජනය කරන කඳවුරත් එම කඳවුරේ අපේක්ෂකයාත් ඒ හරහා මමත් අන්ත පරාජයකට පත්වුණා. පැරදුනා විතරක් නෙමෙයි අන්තිමට උදේ වෙනකොට ගණන් බලබල ඉන්න හිතුනේ නෑ. ඇඳේ අනිත් පැත්තට රෝල් වෙලා නිදා ගත්තා. කෙසේවෙතත් අපේ අනිත් අපේක්ෂකයාට විශාල විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදුන්නා. පත්කර ගත්තාට පස්සේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඉල්ලුවා. ඒකත් මේ තියෙන මැතිවරණ ක්‍රමය නිසා තමයි තුනෙන් දෙකක් ලැබුණේ. ආසන ක්‍රමය බැරිවෙලාවත් තිබුණා නම් ජේ.ආර් ජයවර්ධනටත් වඩා වැඩියෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගෝඨාභය රාජපක්ෂට ලබාදීලා ඉතාමත් ශක්තිමත්, බලවත් ආණ්ඩුවක් හා ජනාධිපතිවරයෙක් අපිට ලැබිලා තියෙනවා. දැන් ඡන්දේ ඉවර වෙලා මාස 4යි. දැන් “සර් ෆේල් “ කියලා හිතාගෙන විපක්ෂයේ ඉන්න සමහරුත් දැන් ඒ සර්ගේ සපත්තු දෙකට බැහැලා, සර්ට වඩා හොඳ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කරගෙන යන්න තමන්ට පුළුවන් කියලා, විපක්ෂයේ සමහරුත් අලුත් ඇඳුම් මහනවා, දත් මදිනවා. හැබැයි මිත්‍රවරුනි මම කියනවා. “සර් නෙමෙයි ෆේල්“ සර් නියෝජනය කරන මතවාදයයි මේ වෙලාවේ ෆේල්වෙලා තියෙන්නේ. අපේ මතවාදය වෙනස් නොකර ගෝඨාභය වෙනුවට වෙන කෙනෙක් ගෙනාවත් ඔය කතාවමයි ඉස්සරහට ඇදිලා යන්නේ. අවශ්‍ය වෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්​පිලිපීනයේ 'PHIVIDEC කාර්මික භූමිය' (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත...

චමින්ද විජේසිරි රටක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නොබියව හඬක් නැගුවා-විපක්ෂ නායක සජිත්

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.එම නඩු තීන්දුවෙන් පසු බදුල්ල මහාධිකරණයෙන් පිටතට...

ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට කටයුතු කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඒ කාලයේ පවා බ්‍රිතාන්‍ය...

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක්

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img